චීන විදේශ අමාත්‍යාංශයේ නිත්‍ය මාධ්‍ය හමුවක් ඊයේ(26) පැවැත්විණ. උතුරු කොරියානු නායක Kim Jong Un මහතා ඊසානදිග චීනයේ Dandong නගරයේ සංචාරය සම්බන්ධයෙන් වාර්තාකරුවෙක් එහිදී විමසීය.
චීනය සහ උතුරු කොරියාව මිත්‍රශීලී අසල්වැසියන් බව විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක Guo Jiakun මහතා පැවසීය. චීනය සහ උතුරු කොරියාව අතර සාම්ප්‍රදායික මිත්‍රශීලී සහ සහයෝගී සබඳතා අඛණ්ඩව මෙන්ම ස්ථාවර ලෙස වර්ධනය වීම දෙරට ජනතාවගේ යහපැවැත්ම වැඩිදියුණු කිරීමට මෙන්ම කලාපීය සාමය, ස්ථාවරත්වය, සංවර්ධනය සහ සමෘද්ධියට ද හිතකර වේ. රාජ්‍ය නායකයින් දෙදෙනා විසින් ඇති කරගත් වැදගත් එකඟතාවය ක්‍රියාත්මක කරමින්, චීන-උතුරු කොරියානු සබඳතාවයේ සංවර්ධනය අඛණ්ඩව ප්‍රවර්ධනය කිරීම සඳහා උතුරු කොරියාව සමග එක්ව කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව ද ඔහු එහිදී ප්‍රකාශ කර ඇත.
More Stories
ඇමරිකාවේ භාණ්ඩ මත පනවා ඇති 24%ක අතිරේක තීරුබද්ද තවත් මාස දෙකකට අත්හිටුවීමට චීනයෙන් තීරණයක්
‘පූර්ණ හා දැඩි විනයකින් යුතුව පක්ෂ පාලනය ඉදිරියට ගෙන යාම පිළිබඳ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ තීරණය’ට අදාළ කරුණු ඉදිරිපත් කෙරේ
පක්ෂ පාලනය පිළිබඳ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ තීරණය සම්බන්ධයෙන් චීන ජනපතිගෙන් පැහැදිලි කිරීමක්