චීන කොමියුනිස්ට් පක්ෂයේ සංවර්ධන කටයුතු පිළිබඳ මධ්‍යම නායක මණ්ඩලය මෑතකදී “ෂී ජින්පිං මහතාගේ පක්ෂ සංවර්ධන චින්තනය අධ්‍යයනය කිරීම සහ ක්‍රියාත්මක කිරීම පිළිබඳ දැන්වීම” නිකුත් කළේය.
ෂී ජින්පිං මහතාගේ පක්ෂ සංවර්ධන චින්තනයේ විද්‍යාත්මක අන්තර්ගතය, සිද්ධාන්තමය ස්වභාවය, ප්‍රායෝගික භාවිතයේ පදනම සහ න්‍යායික මූලාරම්භය ගැඹුරින් අධ්‍යයනය කර තේරුම් ගැනීමේ අවශ්‍යතාවය එම දැන්වීම අවධාරණය කරයි.
විවිධ මට්ටම්වල පක්ෂ කමිටු ෂී ජින්පිං මහතාගේ පක්ෂ සංවර්ධන චින්තනය අධ්‍යයනය කිරීම සහ ක්‍රියාත්මක කිරීම, වර්තමානයේ සහ ඉදිරි කාල වකවානුවක් තුළ සිය වැදගත් දේශපාලන කාර්යයක් ලෙස සලකමින්, ඉගෙනීම සහ පුහුණුව ප්‍රායෝගිකව සිදු කළ යුතුය. මෙහිදී ප්රචාරක සහ පැහැදිලි කිරීමේ කටයුතු සැලකිල්ලෙන් සිදු කළ යුතු අතර, ආකෘතිවාදය අධිෂ්ඨානශීලීව වැළැක්විය යුතුය. නව යුගයේ පක්ෂ ගොඩනැගීමේ ශ්‍රේෂ්ඨ නව ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාම සඳහා සිය ඉගෙනුම් ප්‍රතිඵල සැබවින්ම භාවිතයන් බවට පරිවර්තනය කිරීමට උත්සාහ කළ යුතු බව ද එම දැන්වීමේ දැක්වේ.
More Stories
APEC නායක සමුළුවේ මාධ්‍ය මධ්‍යස්ථාන වෙබ්අඩවිය නිල වශයෙන් ක්‍රියාත්මක කෙරේ
දැඩි විනයකින් යුත් චීන කොමියුනිස්ට් පක්ෂ පාලනය පිළිබඳ ගෝලීය සංවාද මාලාව ආසියානු රටවල පැවැත්වේ
මධ්‍යගත ප්රජාතන්ත්රවාදය: චීනයට ආවේණික පාලන ක්රමයේ සුවිශේෂී දේශපාලන දැක්ම