ගාසා තීරයේ කල් පවතින හා සැබෑ සටන් විරාමයක් චීන ඉල්ලා සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීනයේ නිත්‍ය නියෝජිත Fu Cong මහතා පවසයි. ඊයේ(18) ආරක්ෂක මණ්ඩලයේ පැවති ගාසා තීරයේ මානුෂීය තත්ත්වය පිළිබඳ හදිසි විවෘත රැස්වීමකදී ඔහු මේ බව පැවසුවේ ය.
අදාළ සියලු පාර්ශ්වයන්ගෙන්, විශේෂයෙන් ඊශ්‍රායලයෙන්, සටන් විරාම ගිවිසුමට සම්පූර්ණයෙන්ම අනුකූල වන ලෙස චීනය ඉල්ලා සිටින බව Fu Cong මහතා ප්‍රකාශ කළේ ය. ජාත්‍යන්තර මානුෂීය නීතියෙන් නියම කර ඇති බැඳීම් ඉටු කරන ලෙසත්, මානුෂීය ආධාර සැපයීමේ ප්‍රවේශය සඳහා ඇති සීමාවන් ඉවත් කරන ලෙසත්, දේශසීමා හරස් මාර්ග සම්පූර්ණයෙන්ම නැවත විවෘත කරන ලෙසත් චීනය ඊශ්‍රායලයෙන් ඉල්ලා සිටී.
ගාසා තීරයේ පුළුල් හා කල් පවතින සටන් විරාමයක් ප්‍රවර්ධනය කිරීම, මානුෂීය ව්‍යසනය අවසන් කිරීම, “ද්වි-රාජ්‍ය විසඳුම” ක්‍රියාත්මක කිරීම සහ පලස්තීන ප්‍රශ්නයේ පුළුල්, සාධාරණ සහ කල් පවතින විසඳුමක් හැකි ඉක්මනින් ලබා ගැනීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව සමග කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව ද ඔහු එහිදී සඳහන් කර ඇත.
More Stories
APEC නායක සමුළුවේ මාධ්‍ය මධ්‍යස්ථාන වෙබ්අඩවිය නිල වශයෙන් ක්‍රියාත්මක කෙරේ
දැඩි විනයකින් යුත් චීන කොමියුනිස්ට් පක්ෂ පාලනය පිළිබඳ ගෝලීය සංවාද මාලාව ආසියානු රටවල පැවැත්වේ
මධ්‍යගත ප්රජාතන්ත්රවාදය: චීනයට ආවේණික පාලන ක්රමයේ සුවිශේෂී දේශපාලන දැක්ම