ශ්‍රී ලංකාවේ සිදු වූ බරපතල ගංවතුර ව්‍යසනය සම්බන්ධයෙන් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ශෝක පණිවිඩයක් යොමු කර ඇත.
ශ්‍රී ලංකාවට බලපෑ අධික වර්ෂාපතනය ඇතුළු අයහපත් කාලගුණය හේතුවෙන් විශාල ජීවිත හා ආර්ථික හානි සිදු වූ බව දැන ගත් විගස තමා කම්පනයට පත් වූ බව ෂී ජින්පිං මහතා පසුගියදා(3) යොමු කළ එම පණිවිඩයෙන් පවසා තිබේ. චීන රජය හා චීන ජනතාව නියෝජනය කරමින් තමා එම විපතෙන් මිය ගිය පුද්ගලයින් වෙනුවෙන් දැඩි ශෝකය පළ කරන අතර ඔවුන්ගේ පවුල් හා බලපෑමට ලක් ජනතාවට අවංක සංවේගය ප්‍රකාශ කරන බව ද ඔහු කියා සිටී.
චීනය හා ශ්‍රී ලංකාව අවංකව අන්‍යෝන්‍ය සහයෝගය ලබා දෙන, පාරම්පරික මිත්‍රත්වයෙන් බැඳී සිටින උපායමාර්ගික සහයෝගතා හවුල්කරුවන්ය. විපතට මුහුණදීමට චීනය ශ්‍රී ලංකාවට අනුබලය හා සහාය ලබා දීමට කැමැත්තෙන් සිටියි. ශ්‍රී ලංකා රජයේ ශක්තිමත් නායකත්වයෙන් එහි ජනතාවට කඩිනමින් විපත ජය ගෙන සිය නිවාස යළි ගොඩනැගීමට හැකි වෙතැයි විශ්වාස කරන බව ද චීන ජනාධිපතිවරයාගේ පණිවිඩයේ ප්‍රකාශ කර ඇත.
More Stories
චීන විදේශ අමාත්‍යවරයා සහ කැනේඩියාවේ අගමැතිවරයා අතර හමුවක්
යුරෝපා කොමිසම වෙනස් ව සැලකීමේ සීමාවන් ක්‍රියාත්මක කරන්නේ නම් චීනය දැඩි ප්‍රති පියවර ගනු ඇත-චීන වාණිජ අමාත්‍යාංශය
Shenzhou 21 ගගනගාමීහූ සාර්ථකව යානයෙන් පිටතට පැමිණෙති