චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක ලින් ජියන් මහතාගේ ප්‍රධානත්වයෙන් අද(4) බෙයිජිංහිදී නිත්‍ය මාධ්‍ය හමුවක් පැවැත්විණ. වාර්තාකරුවෙකු සඳහන් කළ පරිදි, ජපාන අගමැතිනිය පසුගිය දා (3) මන්ත්‍රී මණ්ඩලයේ පූර්ණ සැසියකදී ‘චීන-ජපන් ඒකාබද්ධ ප්‍රකාශය’ උපුටා දක්වමින් ‘තායිවාන ප්‍රදේශය චීනයේ භූමියෙන් වෙන් කළ නොහැකි කොටසක්’ යන චීන රජයේ ස්ථාවරය පිළිබඳව තේරුම් ගෙන ඊට ගෞරවය ප්‍රකාශ කළ බව ඇතැම් මාධ්‍ය ආයතන වාර්තා කළේය. මේ සම්බන්ධයෙන් චීනයේ අදහස කුමක් දැයි එම වාර්තාකරුවා විමසීය.
සත්‍යාපනය කිරීමෙන් පසු අදාළ වාර්තා සාවද්‍ය යැයි ලින් ජියන් මහතා පෙන්වා දී තිබේ. ඓතිහාසික ලියවිලිවල, තායිවාන ප්‍රශ්නය පිළිබඳ මූලධර්මය පැහැදිලිව සඳහන් වී තිබේ. ඒවා නොතකා, චීනයෙන් නැවත නැවතත් ප්‍රශ්න කිරීම් සහ ජපාන අභ්‍යන්තරයෙන් හා ජාත්‍යන්තර ප්‍රජාවෙන් ලැබුණු විවේචන හමුවේ, Takaichi Sanae, “ස්ථාවරයේ වෙනසක් නැත” යන අපැහැදිලි ප්‍රකාශය පමණක් පළ කර ඇත. එබඳු වාචික උපාය චීනයට පිළිගත නොහැක්කක් බව ලින් ජියන් මහතා අවධාරණය කළේය.
More Stories
චීන විදේශ අමාත්‍යවරයා සහ කැනේඩියාවේ අගමැතිවරයා අතර හමුවක්
යුරෝපා කොමිසම වෙනස් ව සැලකීමේ සීමාවන් ක්‍රියාත්මක කරන්නේ නම් චීනය දැඩි ප්‍රති පියවර ගනු ඇත-චීන වාණිජ අමාත්‍යාංශය
Shenzhou 21 ගගනගාමීහූ සාර්ථකව යානයෙන් පිටතට පැමිණෙති