බ්‍රිතාන්‍යයේ දේශසීමා බලාත්මක කිරීමේ නිලධාරීන් චීන පුරවැසියන් දිගු වේලාවක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම සහ ඔවුන් සතුව තිබූ ජංගම දුරකථන ඇතුළු ඉලෙක්ට්‍රොනික උපකරණ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මෑතකදී චීන විදේශ අමාත්‍යාංශයට සහ බ්‍රිතාන්‍යයේ පිහිටි චීන තානාපති කාර්යාලයට වාර්තා රැසක් ලැබී ඇත. මේ සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Guo Jiakun මහතා අද(27) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී චීනයේ ස්ථාවරය පැහැදිලි කළේය.
චීන පුරවැසියන්ට එරෙහි බ්‍රිතාන්‍ය පොලිසියේ අත්තනෝමතික හා අනිසි ලෙස නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් චීනය බ්‍රිතාන්‍ය පාර්ශ්වයට දැඩි විරෝධය සහ අප්‍රසාදය පළ කර ඇත. චීන පුරවැසියන්ගේ පුද්ගලික ආරක්ෂාව සහ ඔවුන්ගේ නීත්‍යනුකූල අයිතිවාසිකම් චීනය දැඩි ලෙස ආරක්ෂා කරනු ඇති බව ද Guo Jiakun මහතා පවසා ඇත.
More Stories
ඇමරිකාවේ භාණ්ඩ මත පනවා ඇති 24%ක අතිරේක තීරුබද්ද තවත් මාස දෙකකට අත්හිටුවීමට චීනයෙන් තීරණයක්
‘පූර්ණ හා දැඩි විනයකින් යුතුව පක්ෂ පාලනය ඉදිරියට ගෙන යාම පිළිබඳ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ තීරණය’ට අදාළ කරුණු ඉදිරිපත් කෙරේ
පක්ෂ පාලනය පිළිබඳ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ තීරණය සම්බන්ධයෙන් චීන ජනපතිගෙන් පැහැදිලි කිරීමක්