November 10, 2026

බ්‍රිතාන්‍ය පොලිසිය චීන පුරවැසියන්ට එරෙහිව අත්තනෝමතික හා අනිසි ලෙස නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් චීනයේ දැඩි විරෝධය

බ්‍රිතාන්‍යයේ දේශසීමා බලාත්මක කිරීමේ නිලධාරීන් චීන පුරවැසියන් දිගු වේලාවක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම සහ ඔවුන් සතුව තිබූ ජංගම දුරකථන ඇතුළු ඉලෙක්ට්‍රොනික උපකරණ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මෑතකදී චීන විදේශ අමාත්‍යාංශයට සහ බ්‍රිතාන්‍යයේ පිහිටි චීන තානාපති කාර්යාලයට වාර්තා රැසක් ලැබී ඇත. මේ සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Guo Jiakun මහතා අද(27) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී චීනයේ ස්ථාවරය පැහැදිලි කළේය.

චීන පුරවැසියන්ට එරෙහි බ්‍රිතාන්‍ය පොලිසියේ අත්තනෝමතික හා අනිසි ලෙස නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් චීනය බ්‍රිතාන්‍ය පාර්ශ්වයට දැඩි විරෝධය සහ අප්‍රසාදය පළ කර ඇත. චීන පුරවැසියන්ගේ පුද්ගලික ආරක්ෂාව සහ ඔවුන්ගේ නීත්‍යනුකූල අයිතිවාසිකම් චීනය දැඩි ලෙස ආරක්ෂා කරනු ඇති බව ද Guo Jiakun මහතා පවසා ඇත.

About The Author