November 10, 2026

පැනමාවට බලපෑ ප්‍රබල භූමිකම්පාව සම්බන්ධයෙන් චීනය ශෝකය පළ කරයි

පැනමාවට බලපෑ 7.6ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාව හේතුවෙන් පැනමා රජයට සහ බලපෑමට ලක් වූ ප්‍රදේශවල ජනතාවට චීනය ශෝකය පළ කරන බව චීන විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

මේ වන විට, එහි සිටින චීන පුරවැසියන්ට කිසිදු හානියක් සිදු වූ බවට වාර්තා වී නොමැති බව චීන විදේශ අමාත්‍යාංශය ඊයේ (10) පැවසීය. චීන විදේශ අමාත්‍යාංශය සහ පැනමාවේ චීන තානාපති කාර්යාලය අදාළ තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් අවශ්‍යතා ඇති චීන පුරවැසියන්ට ආධාර ලබා දීමට සූදානම් බව ද ප්‍රකාශ කෙරිණ.

About The Author