තායිවාන බෙදුම්වාදීන් හා එම ප්‍රදේශයේ ඊනියා පාලක ප්රජාතන්ත්රවාදී ප්රගතිශීලී පක්ෂයේ කිසිදු ප්‍රකාශයකින් හෝ ඔවුන්ගේ පිළිකුල් සහගත හැසිරීම්වලින්, තායිවානය චීනයට අයත් බවට වන සත්‍යය වෙනස් කළ නොහැකි බව චීනය යළි අවධාරණය කරයි.
චීන රාජ්‍ය මණ්ඩලයේ තායිවාන කටයුතු පිළිබඳ කාර්යාලයේ අද (27) පැවති මාධ්‍ය හමුවකදී එහි ප්‍රකාශක Chen Binhua මහතා මේ බව ප්‍රකාශ කළේය.
තායිවාන ප්‍රදේශයේ ඊනියා පාලක ප්රජාතන්ත්රවාදී ප්රගතිශීලී පක්ෂයේ නායක Lai Ching-te එම ධුරය ලබා ගැනීමේ දෙවන සංවත්සරය වෙනුවෙන් පැවැත්වූ දේශනයේදී අතිශයෝක්තියෙන් ප්‍රකාශ කළ “තායිවාන ස්වාධීනත්වය” සම්බන්ධයෙන් වන අදහස් චීන රාජ්‍ය මණ්ඩලයේ තායිවාන කාර්යාලය දැඩිව විවේචනය කළේය. මේ පිළිබඳව තායිවානයේ මහ ගොඩබිමට අදාළ කටයුතු පිළිබඳ කවුන්සිලය පවසා ඇත්තේ, තායිවානය චීන මහජන සමූහාණ්ඩුවට අයත් නොවීම සත්‍යයක් බවයි. එමෙන්ම සමුද්‍ර සන්ධි දෙපස පවතින වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් මහ ගොඩබිම නිසි අවධානයක් යොමු කළ යුතු බවට එම කවුන්සිලය අපේක්ෂා පළ කළේය.
මේ සම්බන්ධයෙන් Chen Binhua මහතා අදහස් දක්වමින් පැවසුවේ සාමය, සංවර්ධනය මෙන්ම අන්‍යෝන්‍ය හුවමාරු හා සහයෝගීතාවන් තායිවාන ප්‍රදේශයේ සමාජ ජන මතය බවයි. එමෙන්ම තායිවානයේ විවිධ දේශපාලන කණ්ඩායම් හා විවිධ ක්ෂේත්රයන්හි ජනතාව සමඟ එක්ව ‘තායිවාන ස්වාධීනත්වය’ට පටහැණි පදනමක් මත හුවමාරු තහවුරු කිරීමට චීන මහා ගොඩබිම සූදානම් බව ද ඔහු එහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
More Stories
චීන විදේශ අමාත්‍යවරයා සහ කැනේඩියාවේ අගමැතිවරයා අතර හමුවක්
යුරෝපා කොමිසම වෙනස් ව සැලකීමේ සීමාවන් ක්‍රියාත්මක කරන්නේ නම් චීනය දැඩි ප්‍රති පියවර ගනු ඇත-චීන වාණිජ අමාත්‍යාංශය
Shenzhou 21 ගගනගාමීහූ සාර්ථකව යානයෙන් පිටතට පැමිණෙති