ජපානය සැබවින්ම චීනය සමඟ අන්‍යෝන්‍ය වශයෙන් උපායමාර්ගික හා වාසිදායක සම්බන්ධතාවයක් වර්ධනය කර ගැනීමට කැමති නම්, වහාම තම වැරදි ප්‍රකාශ ඉල්ලා අස්කර ගත යුතු බව චීන විදේශ අමාත්‍යාංශය පවසයි.
එහි ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද(21) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළාය.
චීනය සමඟ අන්‍යෝන්‍ය වශයෙන් උපායමාර්ගික හා වාසිදායක සම්බන්ධතාවයක් වර්ධනය කර ගැනීම පිළිබඳ ජපානයේ ස්ථාවරය වෙනස් නොවන බව ජපාන අගමැතිනි Sanae Takaichi අද(21) පැවසුවාය.
ඒ සම්බන්ධයෙන් Mao Ning මහත්මිය ප්‍රතිචාර දක්වමින් පැවසුවේ, ජපාන අගමැතිනිය චීනයේ තායිවාන ප්‍රදේශය පිළිබඳව වැරදි ප්‍රකාශයක් කරමින්, තායිවාන සමුද්‍ර සන්ධියේ ජපාන හමුදා මැදිහත්වීමක් සිදුවිය හැකි බවට අදහස් කළ අතර, එය චීන ජනතාව තුළ දැඩි කෝපයක් සහ හෙළා දැකීමක් ඇති කිරීමට හේතු වී තිබෙන බවත් චීනය මෙයට තරයේ විරුද්ධ වන බවත් ය.
ජපානය සැබවින්ම චීනය සමඟ අන්‍යෝන්‍ය වශයෙන් උපායමාර්ගික හා වාසිදායක සම්බන්ධතාවයක් වර්ධනය කර ගැනීමට බලාපෙරාත්තු වුවහොත්, චීනය කෙරෙහි දුන් පොරොන්දු ප්‍රායෝගිකව ඉටු කළ යුතු බව ද Mao Ning මහත්මිය වැඩිදුරටත් කියා සිටියාය.
More Stories
චීන විදේශ අමාත්‍යවරයා සහ කැනේඩියාවේ අගමැතිවරයා අතර හමුවක්
යුරෝපා කොමිසම වෙනස් ව සැලකීමේ සීමාවන් ක්‍රියාත්මක කරන්නේ නම් චීනය දැඩි ප්‍රති පියවර ගනු ඇත-චීන වාණිජ අමාත්‍යාංශය
Shenzhou 21 ගගනගාමීහූ සාර්ථකව යානයෙන් පිටතට පැමිණෙති