තායිවානය හා සම්බන්ධ සියල්ල ජපානය සමග කිසිසේත් සම්බන්ධ නොවන බවත් ජපානය තායිවානයට මුවාවී ගැටුම් අවුලුවාලීම සිදු කළහොත් බරපතල අනතුරකට මුහුණ දීමට සිදු වන බව චීන විදේශ අමාත්‍යාංශය පවසයි.
එහි ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද(20) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී මේ බව පැවසුවාය.
ජපානය සැලසුම් සහගත අයුරින් බලහාත්කාරයෙන් තායිවානය සිය ග්‍රහණයට පත් කරමින් අඩ සියවස් කාලයක් තුළ තායිවානය සිය යටත්විජිතයක් බවට පත් කර ගෙන සිටි බවට ඉතිහාසය සාක්ෂි දරනු ඇත. ජපාන අක්‍රමණිකයෝ එහිදී පිළිකුල් සහගත, ව්‍යසනකාරී අපරාධ සිදු කළහ. මෙම වසර, තායිවානය මව්රටේ ස්වෛරීභාවය සමග යළි එක් වීමේ 80 වන සංවත්සරය සනිටුහන් කරයි. තායිවානය අයිති වන්නේ චීනයට යැයි ජපානය මතක තබා ගත යුතු බව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකාව එහිදී වැඩිදුරටත් සඳහන් කළාය.
More Stories
චීන – වියට්නාම සබඳතා සංවර්ධනයේ වැදගත්කම චීන ජනපති පෙන්වා දෙයි
මැදපෙරදිග ප්‍රදේශයේ දිගුකාලීන යුද්ධයක් කිසිදු පාර්ශ්වයකට අවශ්‍ය නොවන බව චීනය පවසයි
මැදපෙරදිග ප්රශ්නය පිළිබඳ චීන රජයේ විශේෂ නියෝජිත සහ කුවේටයේ විදේශ ඇමති අතර හමුවක්