November 9, 2026

චීනයේ ගෝලීය නිදහස් වෙළඳ ජාලය මූලික වශයෙන් ස්ථාපිත කෙරේ

2002 වසරේදී චීනය ආසියාන් සංවිධානය සමග සිය පළමු නිදහස් වෙළඳ ගිවිසුම අත්සන් කර තිබිණ. එතැන් සිට ගෙවුණු දශක 2කට වැඩි කාලය තුළ චීනය රටවල් හා ප්‍රදේශ 33ක් සමග නිදහස් වෙළඳ ගිවිසුම් 26කට අත්සන් තබා ඇත. එම ගිවිසුම් හරහා නිදහස් වෙළඳ හවුල්කරුවන් සමග සිදු කළ ගනුදෙනු පරිමාව චීන විදේශ වෙ‍ළඳමෙන් 45%කි. එසේම චීනයේ සමස්ත විදේශ ආයෝජනවලින් 70%ක්, එම ගිවිසුම් මගින් ආකර්ෂණය කර ගත් විදේශ ආයෝජන වේ. මේ වන විට චීනය, ගෝලීය නිදහස් වෙළඳ ජාලය මූලික වශයෙන් ස්ථාපිත කර ඇතැයි චීන රාජ්‍ය මණ්ඩලයේ ප්‍රවෘත්ති කාර්යාලය ඊයේ (22) පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කර ඇත.

About The Author