48 වන ලෝක වෘත්තීය කුසලතා තරගාවලිය ඊයේ (27) චීනයේ Shanghai නගරයේදී අවසන් විය. චීන කණ්ඩායම එහිදී රන් පදක්කම් 41ක්,රිදී පදක්කම් 11ක්,ලෝකඩ පදක්කම් 4ක් සහ විශිෂ්ටතා සම්මාන 6ක් දිනාගත් අතර,රන් පදක්කම් සංඛ්‍යාව සහ සමස්ත කණ්ඩායම් ලකුණු යන අංශ දෙකෙහිම ලොව ප්‍රථම ස්ථානයට පත් වූයේ පස්වන වරටය. මෙය ලෝක වෘත්තීය කුසලතා තරගාවලි ඉතිහාසයේ, චීනය වාර්තා කළ සාර්ථකම ප්‍රතිඵලය සනිටුහන් කිරීමයි.
මෙවර තරගාවලියට ඉසව් 64ක් ඇතුළත් වන අතර,ඒවා ප්‍රධාන ක්ෂේත්‍ර හයක් ආවරණය කර තිබේ. එම සියලු ඉසව් නියෝජනය කරමින් මෙවර චීනයෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 71 දෙනෙකු එක් විය. එමෙන්ම මෙම තරගාවලියේ සියලු ඉසව් සඳහා චීනය සහභාගි වූ තෙවන අවස්ථාව ද මෙයයි.
48 වන ලෝක වෘත්තීය කුසලතා තරගාවලිය සැප්තැම්බර් මස 22 වැනිදා සිට 27 වැනිදා දක්වා චීනයේ Shanghai නගරයේදී පැවැති අතර ඊට රටවල් සහ කලාප 68කින් තරගකරුවන් 1,385 දෙනෙකු සහභාගි විය.
More Stories
ඇමරිකාවේ භාණ්ඩ මත පනවා ඇති 24%ක අතිරේක තීරුබද්ද තවත් මාස දෙකකට අත්හිටුවීමට චීනයෙන් තීරණයක්
‘පූර්ණ හා දැඩි විනයකින් යුතුව පක්ෂ පාලනය ඉදිරියට ගෙන යාම පිළිබඳ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ තීරණය’ට අදාළ කරුණු ඉදිරිපත් කෙරේ
පක්ෂ පාලනය පිළිබඳ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ තීරණය සම්බන්ධයෙන් චීන ජනපතිගෙන් පැහැදිලි කිරීමක්