චීන මාධ්‍ය සමූහයේ (CMG) Winning with AI+ නම් විශේෂ වැඩසටහන් මාලාවේ විදෙස් පටිගත කිරීම් ස්විට්සර්ලන්තයේ ජිනීවාහිදී ඇරඹේ. චීන මාධ්‍ය සමූහය වෙත කළ ආරාධනයකට අනුව මෙය සිදු කෙරෙනුයේ, පසුගිය 08 වනදා සිට 11 වන දින දක්වා ජිනීවාහි පැවැත්වෙන ‘AI for Good’ නම් ගෝලීය සමුළුව පැවැත්වෙන අතරතුරයි. ලොව පුරා විද්‍යා පර්යේෂණායතන, ව්‍යවසායයන් හා ජගත් සංවිධාන, කෘත්‍රිම බුද්ධි තාක්ෂණයේ නව්‍ය භාවිතයන් පිළිබඳව මෙහිදී සාකච්ඡා කර තිබේ.
විවිධ අංශ පිළිබඳ සංවාද පැවැත්වීම, සමුළු පරිශ්‍රය නැරඹීම යනාදී වශයෙන් කෘත්‍රිම බුද්ධි තාක්ෂණයේ නව්‍යකරණයෙන් ලද නව ප්‍රගතීන් මෙම Winning with AI+ වැඩසටහන ඔස්සේ විදහා දැක්වීමට අපේක්ෂා කෙරේ.
කෘත්‍රිම බුද්ධි තාක්ෂණයේ නව්‍යකරණ සංවර්ධනය වෙත අඛණ්ඩව අවධානය යොමු කිරීමේ වැඩසටහනක් ලෙසට Winning with AI+, මෙවර චීනයේ කෘත්‍රිම බුද්ධි තාක්ෂණයේ නව ප්‍රගතීන් පෙන්නුම් කරන අතර, ඒ ඔස්සේ කෘත්‍රිම බුද්ධි සංවර්ධනය කෙරෙහි විවිධ රටවල් ඉදිරිපත් කර ඇති සංකල්ප හා ගවේෂණ පිළිබඳ දැනුවත් කිරීම ද විශේෂත්වයකි.
More Stories
APEC නායක සමුළුවේ මාධ්‍ය මධ්‍යස්ථාන වෙබ්අඩවිය නිල වශයෙන් ක්‍රියාත්මක කෙරේ
දැඩි විනයකින් යුත් චීන කොමියුනිස්ට් පක්ෂ පාලනය පිළිබඳ ගෝලීය සංවාද මාලාව ආසියානු රටවල පැවැත්වේ
මධ්‍යගත ප්රජාතන්ත්රවාදය: චීනයට ආවේණික පාලන ක්රමයේ සුවිශේෂී දේශපාලන දැක්ම