චීන නෞකා සම්බන්ධ 301 වගන්තියේ විමර්ශනය සිදු කිරීම අත්හිටුවීමට ඇමරිකාව පියවර ගැනීම සම්බන්ධයෙන් චීන වාණිජ අමාත්‍යාංශය ප්‍රතිචාර දක්වයි. ඇමරිකාවේ මෙම ක්‍රියාව, චීනය සමග ඇති සහයෝගය පෙන්නුම් කිරීමක් බවත්, දෙරට මැලේසියාවේ ක්වාලාලම්පූර් හිදී පැවැත්වූ සාකච්ඡා තුළින් එළඹි එකඟතාවන් මනා ලෙස අනුගමනය කිරීමක් බවත් චීන වාණිජ අමාත්‍යාංශ ප්‍රකාශකයා ඊයේ(10) පැවසීය.
ඇමරිකාවේ වෙළඳ නියෝජිත කාර්යාලය එරට වේලාවෙන් පසුගිය 09 වන දා නිවේදනය කළේ, 10 වන දා සිට වසරක කාලයක් දක්වා 301 වගන්තියට අදාළ විමර්ශන සිදු කිරීම අත්හිටුවීමට පියවර ගන්නා බවයි. චීන නෞකාවන්ට එරෙහිව වරාය ගාස්තු අය කිරීම අත්හිටුවීම ද ඊට ඇතුළත් ය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් චීන වාණිජ අමාත්‍යාංශ ප්‍රකාශකයා පැවසුවේ ඇමරිකාවේ එම පියවරට ප්‍රතිචාර දක්වමින් චීනය 10 වන දා අදාළ ප්‍රති-පියවර ද අත්හිටුවා ඇති බවයි. ඇමරිකාව චීනය සමග එක්ව තවදුරටත් සහයෝගයෙන් කටයුතු කිරීමෙන් අන්තර්ජාතික නාවික මාර්ග හා නෞකා ඉදිකිරීමේ වෙළඳපොළේ සාධාරණත්වයෙන් යුත් තරගකාරී පරිසරයක් නිර්මාණය කර ගැනීමට හැකි වෙතැයි චීනය අපේක්ෂා කරන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.
More Stories
චීන විදේශ අමාත්‍යවරයා සහ කැනේඩියාවේ අගමැතිවරයා අතර හමුවක්
යුරෝපා කොමිසම වෙනස් ව සැලකීමේ සීමාවන් ක්‍රියාත්මක කරන්නේ නම් චීනය දැඩි ප්‍රති පියවර ගනු ඇත-චීන වාණිජ අමාත්‍යාංශය
Shenzhou 21 ගගනගාමීහූ සාර්ථකව යානයෙන් පිටතට පැමිණෙති