චීනයේ ෂැන්ඩොං පළාතේ හයියැංග් වෙරළ තීරයට ඔබ්බෙන් වූ සාගර කලාපයේ සිට චීනය නව අත්හදා බැලීමේ චන්ද්‍රිකා සමූහයක් දියත් කර ඇත.
බෙයිජිං වේලාවෙන් ඊයේ (09) පෙ.ව. 5:01ට පමණ තායියුවාන් චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයේ සිට මෙම චන්ද්‍රිකා සමූහය අභ්‍යවකාශගත කෙරුණේ, ලෝන්ග් මාර්ච්-11 වාහක රොකට්ටුව ආධාරයෙනි. එහිදී Shiyan-32 පරීක්ෂණ චන්ද්‍රිකා තුනක් සාර්ථකව කක්ෂයට ඇතුළු විය.
මෙම චන්ද්‍රිකා ප්‍රධාන වශයෙන් අභ්‍යවකාශ පාදක තාක්ෂණයන්හි අත්හදා බැලීම් සඳහා යොදා ගන්නා අතර, මෙම දියත් කිරීම ලෝන්ග් මාර්ච් වාහක රොකට් මාලාවේ 606 වන පියාසැරි මෙහෙයුම සනිටුහන් කළේය.

මීට අමතරව, ලිජියන්-1 Y9 වාහක රොකට්ටුව ආධාරයෙන්, තාක්ෂණික අත්හදා බැලීමේ චන්ද්‍රිකා දෙකක් දියත් කිරීම ද චීනය ෙඊයේ (09) දින සිදු කළේය.
වයඹදිග චීනයේ Jiuquan චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානය අසල ඩොංෆෙංග් වාණිජ අභ්‍යවකාශ නවෝත්පාදන නියමු කලාපයෙන් එම රොකට්ටුව දියත් කෙරුණේ බෙයිජිං වේලාවෙන් පෙ.ව. 11:32 ට පමණය.
එම චන්ද්‍රිකා ද සැලසුම් කළ කක්ෂය වෙත සාර්ථකව ඇතුළු වූ බව චීන බලධාරීන් දැනුම් දී ඇත.

More Stories
චීන විදේශ අමාත්‍යවරයා සහ කැනේඩියාවේ අගමැතිවරයා අතර හමුවක්
යුරෝපා කොමිසම වෙනස් ව සැලකීමේ සීමාවන් ක්‍රියාත්මක කරන්නේ නම් චීනය දැඩි ප්‍රති පියවර ගනු ඇත-චීන වාණිජ අමාත්‍යාංශය
Shenzhou 21 ගගනගාමීහූ සාර්ථකව යානයෙන් පිටතට පැමිණෙති