චීනයේ සහ ඇමරිකාවේ ආර්ථික හා වෙළඳ සාකච්ඡා කණ්ඩායම් අතර සාකච්ඡාවක් ඇමරිකාවේ නිව්යෝර්ක්හිදී පැවැත්වේ. චීන උප අගමැති He Lifeng මහතා, ඇමරිකානු මුදල් ලේකම් Scott Bessent මහතා සහ එරට වෙළඳ නියෝජිත Jamieson Greer මහතාගේ ප්‍රධානත්වයෙන් එය ඊයේ(20) පැවැත්විණ.
දෙරටේ නායකයින්ගේ එකඟතාවන්ට අනුව අන්‍යෝන්‍ය ගෞරවය, සාමකාමී යහපැවැත්ම, පොදු ජයග්‍රහණය පිළිබඳ මූලධර්මය මත එම සාකච්ඡා පවත්වා තිබේ. මීට පෙර පැවති සාකච්ඡාවලින් ලද පොදු අදහස් හා ද්විපාර්ශ්වික වෙළඳ ආයෝජනය ප්‍රවර්ධනය කිරීම ඇතුළු පොදු අවධානයට ලක් ආර්ථික හා වෙළඳ කරුණු සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අවංක, ගැඹුරු හා සංවර්ධනාත්මක අදහස් හුවමාරු පවත්වා ඇත. කෘත්‍රිම බුද්ධි තාක්ෂණයට අදාළ ගැටලු සම්බන්ධයෙන් ද එහිදී සංවාද පැවැත්විණ.
More Stories
APEC නායක සමුළුවේ මාධ්‍ය මධ්‍යස්ථාන වෙබ්අඩවිය නිල වශයෙන් ක්‍රියාත්මක කෙරේ
දැඩි විනයකින් යුත් චීන කොමියුනිස්ට් පක්ෂ පාලනය පිළිබඳ ගෝලීය සංවාද මාලාව ආසියානු රටවල පැවැත්වේ
මධ්‍යගත ප්රජාතන්ත්රවාදය: චීනයට ආවේණික පාලන ක්රමයේ සුවිශේෂී දේශපාලන දැක්ම