May 31, 2026

අදාළ රටවල් චීනයේ සමුද්‍රීය ගැටලුවලට මැදිහත්වීම වහාම නැවැත්විය යුතුය – චීනය

නැගෙනහිර චීන මුහුදේ සහ දකුණු චීන මුහුදේ තත්ත්වය සාමාන්‍යයෙන් ස්ථාවරව පවතින බවත්, නීතියට අනුකූලව විවිධ රටවලට ඒ හරහා ගමන් කිරීමේ නිදහස තිබෙන බවත්  චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය ප්‍රකාශ කරයි.

ඇමරිකාවේ, ජපානයේ, ඉන්දියාවේ හා ඕස්ට්‍රේලියාවේ “සිව්පාර්ශ්වික ආරක්ෂක සංවාදය” නැගෙනහිර චීන මුහුදේ හා දකුණු චීන මුහුදේ වත්මන් තත්ත්වය කෙරෙහි අවධානය යොමු කිරීම පිළිබඳව අද(27)  පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙක් විමසීය. එහිදී Mao Ning මහත්මිය චීනයේ ස්ථාවරය පැහැදිලි කරමින් මේ බව සඳහන් කළාය.

අදාළ රටවල්, සාමය සහ ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා කලාපීය රටවල් දරන උත්සාහයන්ට ගරු කරමින් චීනයේ සමුද්‍රීය ගැටලුවලට මැදිහත්වීම වහාම නැවැත්විය යුතුය. එමෙන්ම විවිධ කණ්ඩායම් නිර්මාණය කිරීම, ආතතීන් සහ ගැටුම් ඇති කිරීම යනාදියෙන්, ලෝක වාසීන්ගේ විශ්වාසය අහිමි වන බවද ඇය සඳහන් කර ඇත.

About The Author