චීන මධ්‍යම හමුදා කොමිසමේ සභාපති ෂී ජින්පිං මහතා, චීන හමුදා නිලධාරීන් දෙදෙනෙකු ජෙනරාල් තනතුරට උසස් කිරීමට අදාළ නියෝග ප්‍රදානය කිරීම අද (22) දින සිදු කෙරිණ.
මෙලෙස උසස්වීම් ලැබූ නිලධාරීන් වන්නේ, චීන මහජන විමුක්ති හමුදාවේ නැගෙනහිර යුද කලාපයේ අණදෙන නිලධාරි Yang Zhibin සහ මධ්‍යම යුද කලාපයේ අණදෙන නිලධාරි Han Shengyan යන මහත්වරුන්ය.
මෙම උසස්වීම් ප්‍රදානය වෙනුවෙන් බෙයිජිංහි උත්සවයක් පැවති අතර, ෂී ජින්පිං මහතා විසින් අත්සන් කරන ලද අදාළ උසස්වීම් නියෝග එහිදී නිවේදනය කරනු ලැබුවේ, චීන මධ්‍යම හමුදා කොමිසමේ උප සභාපති Zhang Youxia මහතා විසිනි.
මධ්‍යම හමුදා කොමිසමේ උප සභාපති Zhang Shengmin මහතා මෙම උත්සවයේ මුලසුන දැරීය. උසස්වීම් ලැබූ නිලධාරීන් වෙත සභාපති ෂී ජින්පිං මහතා සිය සුබ පැතුම් ද එක් කළේය.
More Stories
චීන හා වියට්නාම ජනපති ආර්යාවෝ චීන ජාතික මහා රඟහල නරඹති
ඇමරිකාව ඊනියා හේතුවක් මත චීනයට එරෙහිව තීරු බදු පැනවුවහොත් ඒ සම්බන්ධයෙන් දැඩි ප්‍රති පියවර ගන්නා බවට චීනයෙන් ප්‍රකාශයක්
ඉරාන වරායන්ට ඇතුළු වන සහ පිටවන නෞකා ඇමරිකාව අවහිර කිරීම ආතතීන් තවත් උග්‍ර කරන බව චීනය කියයි