චීන අන්තර් දේශසීමා දූෂණ විරෝධී නීතියට අදාළ සංශෝධන කෙටුම්පත පරීක්ෂා කිරීම සඳහා වන යෝජනාව අද (25 )ප්‍රථම වරට 14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ 24 වැනි සැසිවාරයට ඉදිරිපත් කෙරිණ.
අන්තර් දේශසීමා දූෂණ විරෝධී කටයුතු මූලධර්ම, කරුණු, යෝජනා, අන්තර් දේශසීමා දූෂණ විරෝධී කාර්යය සඳහා යාන්ත්‍රණ සහ වගකීම්, නඩු හැසිරවීම සහ ජාත්‍යන්තර සහයෝගීතාව ශක්තිමත් කිරීම, ව්‍යාවසායන්ගේ දූෂණ විරෝධී වගකීම්, නීතිමය වගකීම් කෙරෙහි විශේෂ නීතී සම්පාදනය කිරීම වැනි අරමුණු මුල් කරගනිමින් මෙය සම්පාදනය කර ඇත.
අන්තර් දේශසීමා දූෂණ විරෝධී නීතිය සම්පාදනය කිරීම, චීන කොමියුනිස්ට් පක්ෂයේ 18 වන ජාතික කොංග්‍රසයෙන් පසු, චීනයේ අදාළ වැඩකටයුතු ක්‍රියාත්මක කිරීමේදී ලබා ගත් අත්දැකීම් හා ජයග්‍රහණ නීත්‍යනුකූල ලෙස ස්ථිර කරමින් අදාළ නීති පියවර පුළුල් කිරීමට ඉවහල් වේ. එමෙන්ම අන්තර් දේශසීමා දූෂණ විරෝධී නඩු විමර්ශනය සඳහා ප්‍රබල නීතිමය සුරක්ෂිතභාවයක් ලබා දීම ද එමගින් අපේක්ෂා කෙරේ.
More Stories
APEC නායක සමුළුවේ මාධ්‍ය මධ්‍යස්ථාන වෙබ්අඩවිය නිල වශයෙන් ක්‍රියාත්මක කෙරේ
දැඩි විනයකින් යුත් චීන කොමියුනිස්ට් පක්ෂ පාලනය පිළිබඳ ගෝලීය සංවාද මාලාව ආසියානු රටවල පැවැත්වේ
මධ්‍යගත ප්රජාතන්ත්රවාදය: චීනයට ආවේණික පාලන ක්රමයේ සුවිශේෂී දේශපාලන දැක්ම