3වැනි චීන-ඇමරිකා අර්ධ නිල සංවාදය අද(25) චීනයේ බෙයිජිං නගරයේදී පැවැත්වේ. චීනයේ අදාළ අමාත්‍යාංශ, පළාත් රජය, බුද්ධි මණ්ඩල මෙන්ම ඇමරිකානු ආසියා සංගමය යන ආයතනවල නියෝජිතයෝ ඊට සහභාගී වූහ. දේශපාලන අන්‍යෝන්‍ය විශ්වාසය තහවුරු කිරීම, ආර්ථික වෙළඳ සහෝගිතා පුළුල් කිරීම, කෘත්‍රිම බුද්ධිය හා විද්‍යා තාක්ෂණ සහයෝගිතා අවස්ථා සොයා ගැනීම යන කරුණු කේන්ද්‍ර කරගෙන ඔවුහු එහිදී සාකච්ඡා පවත්වති.
නිල රාජ්‍ය සංවාදය සහ නිල නොවන රාජ්‍ය සංවාදයට අතරමැදි සංවාදයක් වන මෙය 2023 වසරේ ආරම්භ කෙරිණ. එය චීන සහ ඇමරිකා දේශපාලන පක්ෂ, උපායමාර්ගික, ව්‍යාපාරික, ශාස්ත්‍රීය මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන යන ක්ෂේත්‍රවල අදහස් හුවමාරු සඳහා වන වැදගත් වේදිකාවකි. දෙරට දේශපාලන, ආර්ථික, වෙළඳ, විද්‍යා හා තාක්ෂණ මෙන්ම සංස්කෘතික යනාදී ක්ෂේත්‍රවල හුවමාරු සහ සහයෝගීතා ශක්තිමත් කිරීම සඳහා මෙම සංවාදය සවිස්තර යෝජනා ඉදිරිපත් කර ඇත.
More Stories
APEC නායක සමුළුවේ මාධ්‍ය මධ්‍යස්ථාන වෙබ්අඩවිය නිල වශයෙන් ක්‍රියාත්මක කෙරේ
දැඩි විනයකින් යුත් චීන කොමියුනිස්ට් පක්ෂ පාලනය පිළිබඳ ගෝලීය සංවාද මාලාව ආසියානු රටවල පැවැත්වේ
මධ්‍යගත ප්රජාතන්ත්රවාදය: චීනයට ආවේණික පාලන ක්රමයේ සුවිශේෂී දේශපාලන දැක්ම