March 1, 2026

“ආසියානු වටිනාකම්”හරවත් ලෙස පෝෂණය කළ චීන උරුමය

ආසියාවට කිසිදා බටහිර රාජ්‍යයන් අභිබවා යා නොහැකි බව පසුගිය 80 දශකයේ පොදු පිළිගැනීමක් වී තිබිණ. එහෙත් දකුණු කොරියාව, චීනයේ තායිවාන ප්‍රදේශය හා හොංකොං ප්‍රදේශය සහ සිංගප්පූරුව යන “ආසියාවේ කුඩා මකරුන් සිව්දෙනා” දිළිඳුකමේ සිට සශ්‍රීකත්වය දක්වා පැමිණීමට ගත වූයේ වසර 30ක කාලයක් පමණි. එසේ ම සංවර්ධිත රටවලට සියවස් ගණනක් ගත වූ කාර්මීකරණ ගමන චීනය ළඟා කර ගත්තේ දශක කිහිපයකදීය. ඉන් නොනැවතී චීනය අඛණ්ඩව දුබල රටක සිට ලොව දෙවන විශාලම ආර්ථිකය හිමි රට බවට පත් වී, වේගවත් ආර්ථික වර්ධනයක් හා දිගුකාලීන සමාජයීය ස්ථාවරත්වයක් සහිත “චීන ප්‍රාතිහාර්යය”නිර්මාණය කර ඇත. සුහුරු තාක්ෂණය ප්‍රචලිත වූ වර්තමානයේ බටහිර ආකෘතිය විවිධ ගැටලුවලට ලක්ව ඇති පසුබිමක ආසියාතිකයන් තම ආවේණික දැනුමෙන් බොහෝ ගෝලීය අභියෝගවලට සාර්ථකව මුහුණ දී තිබේ. ආසියාව දිනාගෙන ඇති මේ සියලු ජයග්‍රහණ පිටුපස අධ්‍යාත්මික ධනයක් සැඟවී තිබේ. එම ධනය “ආසියානු වටිනාකම්”ලෙස හඳුන්වාදිය හැකිය.

        2025 වසරේ අප්‍රේල් මාසයේ පැවති රැස්වීමකදී චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අවධාරණය කළේ අසල්වැසි රටවල් සමග සම්බන්ධතා පවත්වා ගැනී‍මේදී “ආසියානු වටිනාකම්”වැදගත් මගපෙන්වීමක් වන බවය. සාමය, සහයෝගිතාව, විවෘතභාවය සහ ඉවසිලිවන්තභාවය “ආසියානු වටිනාකම්”තුළ අන්තර්ගත වන බව හෙතෙම එහිදී පහදා දුන්නේය.

       “ආසියානු වටිනාකම්”බිහි වූයේ එක රැයකින් නොවේ. එය චීන ශිෂ්ටාචාරයෙන් පැවත එන්නක් බව කිව යුතුය. වෙනස්කම් තුළින් සාමකාමී සහජීවනය සොයා ගැනීම, මිනිසා හා සොබාදහම අතර සමබරතාව පවත්වා ගැනීම, ප්‍රචණ්ඩ නොවන අයුරින් ගැටුම් නිරාකරණය කිරීම වැනි චීන ශිෂ්ටාචාරය තුළින් මතුවූ පැරණි මතවාද, පැරණි සේද මාවත ඔස්සේ හින්දු හා ඉස්ලාමීය ශිෂ්ටාචාර සමග සුසංයෝග වී “ආසියානු වටිනාකම්” සඳහා ගැඹුරු හරයන් සපයා දී ඇති බව නොරහසකි.

       “ආසියානු වටිනාකම්”මගින් ප්‍රදර්ශනය වන ප්‍රබලත්වය වත්මන් ලෝකවාසීන්ට අරුමයක් නොවේ. බාහිරව අධිපති බලය යෙදවීම නොව අභ්‍යන්තර සහයෝගිතා‍ව මගින් සංවර්ධනයට ළඟාවීම, මතවාදී වෙනස්කම් පසෙකලා අන්‍යෝන්‍ය යහපත හා පොදු ජයග්‍රහණය වැළඳ ගැනීම මගින් එය පිළිඹිබු වේ. එමෙන්ම වෙනත් රටවලට යුදමය මැදිහත්වීම් සිදු කිරීම මගින් සිය ආරක්ෂාව සහතික කිරීම වෙනුවට පොදු ආරක්ෂාව කලාපීය සංවර්ධන අඩිතාලම වශයෙන් සැලකීම, විවිධ ශිෂ්ටාචාරයන්හි ආවේණික විශේෂතා පිළිගැනීම සහ වෙනස්කම් තුළින් පොදු එකඟතාවන් සොයා ගැනීම යන හරයන්ගෙන් ද එම ප්‍රබලත්වය මැනවින් පෙන්නුම් කර ඇත. චීනය “ආසියානු වටිනාකම්”හරවත් ලෙස පෝෂණය කළ රටක් පමණක් නොව එය ප්‍රායෝගික ක්‍රියාවෙන් සනාථ කළ රටක් බව මින් පසක් වනු ඇත.

About The Author