Nansha දූපත් සහ ඒ ආශ්‍රිත මුහුදු ප්‍රදේශයන්හි අවිවාදිත ස්වෛරීභාවය තමන්ට හිමි බව චීනය අවධාරණය කරයි. ඊයේ (8) පිලිපීන වෙරළාරක්ෂක බලකායේ නෞකාවක් චීනයට අයත් Ren’ai ගල්පරයට යාබද මුහුදු ප්‍රදේශයට ගොස් එහි නීතිවිරෝධීව රැඳී සිටි නෞකාවක තුවාලකරුවෙකු රැගෙන යාමේදී, චීන පාර්ශ්වය මානුෂීය හේතුව මත පිලිපීන පාර්ශ්වයට අවසර හා අවශ්‍ය පහසුකම් ද ලබා දුන්නේය.
එහෙත් මෙම සිද්ධිය සම්බන්ධව පිලිපීනය අසත්‍ය තොරතුරු ප්‍රචාරය කර තිබේ. චීන වෙරළාරක්ෂක බලකායේ ප්‍රකාශක චියං ලිවේ මහතා මේ පිළිබඳ අදහස් දක්වමින් අවධාරණය කළේ Ren’ai ගල්පරය ඇතුළු Nansha දූපත් සහ ඒ ආශ්‍රිත මුහුදු ප්‍රදේශයන්හි අවිවාදිත ස්වෛරීභාවය චීනයට හිමි බවය. චීනයට අයත් මුහුදු ප්‍රදේශයන්හි නීතිවිරෝධි ලෙස හා ප්‍රකෝපකාරී අයුරින් කටයුතු කිරීම වහාම නතර කරන ලෙසත්, අදාළ කරුණු පිළිබඳ අසත්‍ය ප්‍රචාරයන් නතර කරන ලෙසත්, පිලිපීනයෙන් ඉල්ලා සිටින බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර තිබේ.
More Stories
APEC නායක සමුළුවේ මාධ්‍ය මධ්‍යස්ථාන වෙබ්අඩවිය නිල වශයෙන් ක්‍රියාත්මක කෙරේ
දැඩි විනයකින් යුත් චීන කොමියුනිස්ට් පක්ෂ පාලනය පිළිබඳ ගෝලීය සංවාද මාලාව ආසියානු රටවල පැවැත්වේ
මධ්‍යගත ප්රජාතන්ත්රවාදය: චීනයට ආවේණික පාලන ක්රමයේ සුවිශේෂී දේශපාලන දැක්ම