චීන RMB විනිමය මුදල් අනුපාත පිළිබඳ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් චීනය දරන ස්ථාවරය ඊයේ(8) චීන මහ බැංකුව වන චීන මහජන බැංකුව විසින් නිකුත් කරනු ලැබීය. ඒ අනුව, වෙළඳපොළ ඉල්ලුම හා සැපයුම මත පදනම්ව, මුදල් ඒකක එකතුව හෙවත් currency basket යාන්ත්‍රණය සැලකිල්ලට ගනිමින් සකස් කළ, කළමනාකරණය කරන ලද පාවෙන විනිමය අනුපාත ක්‍රමයක් චීනය ක්‍රියාත්මක කරන බව සඳහන් කර ඇත. විනිමය අනුපාතය තීරණය කිරීමේදී වෙළෙඳපොළට තීරණාත්මක කාර්යභාරයක් ඉටු කිරීමට ඉඩ සලසන බව ද චීන මහජන බැංකුව අවධාරණය කරයි.
විනිමය අනුපාතයේ නම්‍යශීලීභාවය හා දෙදිශාවටම උච්චාවචනය පවත්වා ගැනීම සඳහා චීන මහජන බැංකුව විසින් පූර්ව සැලසුම් කළ ඉලක්කයක් නියම නොකෙරේ. එමෙන්ම දිගුකාලීන විනිමය අනුපාත ප්රවණතා ඊට මැදිහත් නොවන බවද එහිදී පැහැදිලිව ප්‍රකාශ කර ඇත. 2017 වසරෙන් පසුව චීන මහජන බැංකුව විදේශ විනිමය වෙළඳපොළට නිරන්තරයෙන් මැදිහත් වීමේ ක්‍රියාමාර්ගවලින් ඉවත් වී තිබේ.
තවද, මුදල් අවප්‍රමාණය කිරීම තුළින් තරගකාරී වෙළඳ වාසියක් ලබා ගැනීමේ අවශ්‍යතාවක් හෝ අරමුණක් චීනයට නොමැති බව RMB විනිමය අනුපාත පිළිබඳ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් චීනය දරන ස්ථාවරයේ සඳහන් වේ.
More Stories
ඇමරිකාවේ භාණ්ඩ මත පනවා ඇති 24%ක අතිරේක තීරුබද්ද තවත් මාස දෙකකට අත්හිටුවීමට චීනයෙන් තීරණයක්
‘පූර්ණ හා දැඩි විනයකින් යුතුව පක්ෂ පාලනය ඉදිරියට ගෙන යාම පිළිබඳ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ තීරණය’ට අදාළ කරුණු ඉදිරිපත් කෙරේ
පක්ෂ පාලනය පිළිබඳ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ තීරණය සම්බන්ධයෙන් චීන ජනපතිගෙන් පැහැදිලි කිරීමක්