November 10, 2026

කලාපීය සාමය හා ස්ථාවරත්වය සඳහා තර්ජනයක් වන ප්‍රමුඛ සාධකයක් බවට ජපානය පත්ව ඇත – එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ චීන නියෝජිත

වත්මන් ජපන් පාලන තන්ත්‍රයේ කඩිනම් “ප්‍රතිහමුදාකරණය” කලාපීය සාමයට සහ ස්ථාවරත්වයට තර්ජනයක් වන ප්‍රමුඛ සාධකයක් බවට පත්ව ඇතැයි, චීන විදේශ අමාත්‍යාංශයේ අවි පාලන දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ Sun Xiaobo මහතා ප්‍රකාශ කරයි.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ චීන නියෝජිත කණ්ඩායමේ නායකයා ද වන හෙතෙම, එහි 81 වන සැසිවාරයේ නිරායුධකරණය සහ ජාත්‍යන්තර ආරක්ෂක කමිටුවේ පොදු විවාදය අමතමින් ඊයේ(8) මේ බව පැවසීය.

ජපානය සිය ආක්‍රමණික හැසිරීම් පිළිබඳ පසු විපරමක් සිදු කළ යුතුය. මිලිටරිවාදය සමඟ සබඳතා සම්පූර්ණයෙන්ම බිඳ දමා න්‍යෂ්ටික අවි ව්‍යාප්ත නොකිරීමට ජාත්‍යන්තර නීතිමය බැඳීම් අවංකව ඉටු කරන්නැයි Sun Xiaobo මහතා එහි දී ජපානයෙන් ඉල්ලා සිටියේය.

සැබෑ බහුපාර්ශ්විකත්වය ක්‍රියාවට නැංවීමට චීනය අඛණ්ඩව කැපවී සිටින අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය කේන්ද්‍ර කරගත් ජාත්‍යන්තර අවි පාලන ක්‍රියාවලියට ස්ථිර ලෙස සහාය දෙනු ඇති බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

About The Author