November 10, 2026

NCD සම්මුතියට අත්සන් තැබූ මූල්ම රටවල් අතරට චීනය

හුවමාරු කළ හැකි භාණ්ඩ ලේඛන පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතියට (NCD සම්මුතිය) අත්සන් කිරීමේ උත්සවය ඊයේ (26) ඝානාවේ අක්‍රා අගනුවරදී පැවැත්විණ.

එම සම්මුතියට අත්සන් තැබූ මූල්ම රටවල් 26ට චීනය ද අයත් වේ. ඉන්පසුව නිව්යෝර්ක් හි පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී එම සම්මුතියට අත්සන් තැබීමට සෙසු රටවලට ද අවස්ථාව පවතී.

මෙම සම්මුතිය ඉදිරිපත් කිරීමේදී මූලිකත්වය ගෙන කටයුතු කළේ චීනයයි. දේශසීමා හරහා සිදු කෙරෙන සියලුම ප්‍රවාහන ක්‍රමවලදී “හුවමාරු කළ හැකි භාණ්ඩ ලේඛන” එම සම්මුතියෙන් හඳුන්වා දෙයි. එමෙන්ම නැව්ගත කිරීමේ ලේඛනවලින් පමණක් භාණ්ඩ හඳුනාගැනීමේ සියවස් ගණනාවක සිට පවතින ආයතනික බාධකය මෙමගින් ඉවත් කෙරේ. එම සම්මුතිය ජාත්‍යන්තර වාණිජ නීති රීති සඳහා සුවිශේෂ සන්ධිස්ථානයක් ලෙස සැලකේ.

NCD සම්මුතිය අත්සන් කිරීමේ උත්සවයට 60කට වැඩි රටවල හා කලාපවල නියෝජිතයන් 400ක් පමණ පිරිසක් එක් වී ඇත.

About The Author