චීනයේ මැකව් විශේෂ පරිපාලන කලාපයේ ආර්ථික හා සමාජීය සංවර්ධනය සඳහා වන තෙවන පස් අවුරුදු සැලැස්ම (2026-2030) එහි රජය විසින් පසුගියදා එළිදක්වන ලදී.
එම කලාපයේ ප්‍රාදේශීය යථාර්ථයන්ට ගැළපෙන ආකාරයෙන් සහ ජාතික සංවර්ධන උපායමාර්ග සමග සමපාත වන පරිදි පාලන තන්ත්රය වැඩිදියුණු කිරීම, කාර්මික පරිවර්තනය, විවෘතභාවය සහ ජනතාව මුල් කරගත් සමාජ ප්‍රතිපත්ති යන මූලික ප්‍රමුඛතා හතරක් මත මෙම සැලැස්ම පදනම්ව ඇත.
නීතිය මත පදනම් වීම, ජීවත් වීමට සුදුසු වීම, සංස්කෘතික දියුණුව සහ සතුටුදායක බව යන සංකල්ප යටතේ උසස් තත්ත්වයේ සංවර්ධනයෙහි නව අදියරක් කරා යාමට ඉන් අපේක්ෂා කෙරේ.
මේ සම්බන්ධයෙන් CGTN නාලිකාව සිදු කළ මත විමසුමකට එක්වූ 1551 දෙනෙකු අතරින් 93%ක පිරිසක්, මැකව් කලාපය, ගුවැන්ඩොං-හොංකොං- මැකව් මහා බොක්ක ප්‍රදේශයට සම්බන්ධ වීමෙන් පසු එහි සංචාරක පැමිණීම ඉහළ ගොස් ඇති බවට විශ්වාසය පළ කර ඇත.
එමෙන්ම චීන මහ ගොඩබිමේ ප්‍රබල සහාය සහ ගෝලීය දොරටුවක් ලෙස ක්‍රියා කිරීම මැකව් හි ඇති විශේෂ ශක්තිය ලෙස තවත් 92.5%ක පිරිසක් මෙම මත විමසුමෙන් පෙන්වා දී තිබේ. තවත් 92.2%ක පිරිසකගේ මතය වී ඇත්තේ, මැකව් හි ක්‍රියාත්මක “එක් රටක්, ක්‍රම දෙකක්” සංකල්පය සාර්ථක වූවක් බවයි.
More Stories
APEC නායක සමුළුවේ මාධ්‍ය මධ්‍යස්ථාන වෙබ්අඩවිය නිල වශයෙන් ක්‍රියාත්මක කෙරේ
දැඩි විනයකින් යුත් චීන කොමියුනිස්ට් පක්ෂ පාලනය පිළිබඳ ගෝලීය සංවාද මාලාව ආසියානු රටවල පැවැත්වේ
මධ්‍යගත ප්රජාතන්ත්රවාදය: චීනයට ආවේණික පාලන ක්රමයේ සුවිශේෂී දේශපාලන දැක්ම