ඉරානයට සම්බාධක පැනවීමෙන් සහ පීඩනයක් එල්ල කිරීමෙන් ගැටලුව විසඳීමට කිසිදු සහායක් නොවන බව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Lin Jian මහතා පවසයි. ඊයේ (20) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී ඔහු මේ බව පැවසුවේය.
එබැවින් වගකීම් සහගත පියවරයන්ට අනුගතව දේශපාලන හා රාජ්‍යතාන්ත්‍රික ක්‍රම ඔස්සේ ගැටලුව විසඳා ගන්නා ලෙස චීනය අදාළ සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බව ද ඔහු එහිදී සඳහන් කර ඇත.
ඉරානයට එරෙහිව “විනාශකාරී ආර්ථික ක්‍රියාමාර්ග” ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව ඇමරිකානු ජනාධිපති Donald Trump ඊයේ (19) ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාවන්හි දැක්වේ.
More Stories
APEC නායක සමුළුවේ මාධ්‍ය මධ්‍යස්ථාන වෙබ්අඩවිය නිල වශයෙන් ක්‍රියාත්මක කෙරේ
දැඩි විනයකින් යුත් චීන කොමියුනිස්ට් පක්ෂ පාලනය පිළිබඳ ගෝලීය සංවාද මාලාව ආසියානු රටවල පැවැත්වේ
මධ්‍යගත ප්රජාතන්ත්රවාදය: චීනයට ආවේණික පාලන ක්රමයේ සුවිශේෂී දේශපාලන දැක්ම