චීන තායිවාන ප්‍රදේශයේ ඊනියා පාලක Lai Ching-te ගේ ප්‍රකාශය ඓතිහාසික සත්‍යය විකෘති කරන බව චීන රාජ්‍ය මණ්ඩලයේ තායිවාන කටයුතු කාර්යාලය පවසයි.
අද (10) Lai Ching-te සිදු කළ ඊනියා “Double Tenth” ප්‍රකාශය පිළිබඳව චීන රාජ්‍ය මණ්ඩලයේ තායිවාන කටයුතු කාර්යාලයේ ප්‍රකාශිකා Zhang Han මහත්මිය ප්‍රතිචාර දක්වමින් මේ බව පැවසුවාය.
Lai Ching-te ගේ ප්‍රකාශය සත්‍ය පිළිබඳ නොසලකා හරිමින්, හරි-වැරදි බව විකෘති කර, මහජනතාව නොමඟ යැවීමක් බව ඇය පෙන්වා දුන්නාය. එම කතාවේදී ඔහු තායිවාන බෙදුම්වාදය පිළිබඳවම දැඩිව එල්බ සිටිමින්, ඊනියා “මහගොඩබිමේ තර්ජනය” ඉස්මතු කර ඇත. එය සමුද්‍ර සන්ධිය දෙපස ගැටුම් අවුළුවාලමින්, තායිවාන සමුද්‍ර සන්ධියේ සාමය සහ ස්ථාවරත්වය අඩපණ කිරීමට උත්සාහ දැරීමක් බව ඇය අවධාරණය කළාය.
ලෝකයේ ඇත්තේ එකම චීනයක් පමණක් වන අතර, තායිවාන ප්‍රදේශය චීනයේ කොටසකි. එකම චීනය මූලධර්මය සහ “1992 එකඟතාව” ස්ථිර ලෙස අනුගමනය කරමින්, තායිවාන බෙදුම්වාදී හා අදාළ බාහිර මැදිහත්වීම් බලවේගවලට දැඩිව විරුද්ධ වන බව Zhang Han මහත්මිය පැවසුවාය. එමෙන්ම සමුද්‍ර සන්ධිය දෙපස සබඳතාවේ සාමකාමී සහ ඒකාබද්ධ සංවර්ධනය, මෙන්ම ජාතික එක්සත්භාවය සහ පුනර්ජීවනයේ උත්තරීතර කාර්යයන් ඉදිරියට ගෙන යන බව ද ඇය පවසා ඇත.
More Stories
ඇමරිකාවේ භාණ්ඩ මත පනවා ඇති 24%ක අතිරේක තීරුබද්ද තවත් මාස දෙකකට අත්හිටුවීමට චීනයෙන් තීරණයක්
‘පූර්ණ හා දැඩි විනයකින් යුතුව පක්ෂ පාලනය ඉදිරියට ගෙන යාම පිළිබඳ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ තීරණය’ට අදාළ කරුණු ඉදිරිපත් කෙරේ
පක්ෂ පාලනය පිළිබඳ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ තීරණය සම්බන්ධයෙන් චීන ජනපතිගෙන් පැහැදිලි කිරීමක්