චීන ජනාධිපති ආර්යා Peng Liyuan මහත්මිය සහ සර්බියානු ජනාධිපති ආර්යාව වන Tamara Vucic මහත්මිය ඊයේ (25) පස්වරුවේ බෙයිජිං නර්තන ඇකඩමිය නැරඹීමට එක් වූහ. Tamara Vucic මහත්මිය මේ අවස්ථාවට එක් වූයේ සර්බියානු ජනාධිපති Aleksandar Vucic මහතා සමග ඔහුගේ චීන රාජ්‍ය සංචාරයට සහභාගි වන අතරවාරයේදීය.
චීන නර්තන කලාවේ දියුණුව පිළිබඳ ඉතිහාසය අධ්‍යයනය සඳහා දෙරටේ ජනපති ආර්යාවන් ඇකඩමියේ නර්තන කෞතුකාගාරය වෙත ද පැමිණ ඇත. අනතුරුව එහි සිසුන් චීන සහ බැලේ නර්තන මෙන්ම සෙසු නර්තනාංග හදාරන ආකාරය ද එක්ව රස විඳීමින් ඔවුන් සමඟ සුහද පිළිසඳරකට ද ආර්යාවෝ දෙපළ එක් වූහ.

නර්තන කලාවට ජාතික සීමාවන් ඉක්මවා යා හැකි බවත්,ඒ ඔස්සේ සංස්කෘතික අනන්‍යතා හා අදහස් ප්‍රකාශ කරමින්,සංස්කෘතික හුවමාරුව සහ අන්‍යෝන්‍ය අධ්‍යයනය සඳහා අද්විතීය කාර්යභාරයක් ඉටු කළ හැකි බවත් Peng Liyuan මහත්මිය පැවසුවාය. දෙරටේ කලාකරුවන් හුවමාරු සහ සහයෝගීතාව ශක්තිමත් කර වඩාත් කැපී පෙනෙන නිර්මාණ ඉදිරිපත් කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව ද ඇය මෙහිදී පැවසුවාය.
සංස්කෘතික හා කලා ක්ෂේත්‍ර ආශ්‍රිතව දෙරට අතර හුවමාරු ක්‍රියාකාරීව ප්‍රවර්ධනය කරමින් සර්බියාව හා චීනය අතර මිත්‍රත්වය ගැඹුරු කිරීම සඳහා දායක වීමට තමන් කැමැත්තෙන් සිටින බව Tamara Vucic මහත්මිය සඳහන් කළාය.
More Stories
චීන විදේශ අමාත්‍යවරයා සහ කැනේඩියාවේ අගමැතිවරයා අතර හමුවක්
යුරෝපා කොමිසම වෙනස් ව සැලකීමේ සීමාවන් ක්‍රියාත්මක කරන්නේ නම් චීනය දැඩි ප්‍රති පියවර ගනු ඇත-චීන වාණිජ අමාත්‍යාංශය
Shenzhou 21 ගගනගාමීහූ සාර්ථකව යානයෙන් පිටතට පැමිණෙති