චීන ජනාධිපති ෂී ජින්පිං මහතා, නිල සංචාරයක් සඳහා චීනයට පැමිණ සිටින පාකිස්ථාන අගමැති Muhammad Shahbaz Sharif මහතා හමුවෙයි. ඒ අද(25) පස්වරුවේ බෙයිජිංහි මහජන මහා ශාලාවේදීය.
ජාත්‍යන්තර තත්ත්වය කෙසේ වෙනස් වුවද, චීනය සැමවිටම චීන-පාකිස්ථාන සබඳතා වර්ධනය තම අසල්වැසි රාජ්යතාන්ත්රිකත්වයෙහි ප්‍රමුඛත්වය ලෙස සලකන බව ෂී ජින්පිං මහතා එම හමුවේදී පැවසීය. නව යුගයේ දී පොදු ඉරණමක් සහිත වඩාත් සමීප චීන-පාකිස්ථාන ප්‍රජාවක් ගොඩනැගීම දෙපාර්ශ්වය වේගවත් කළ යුතු අතර, දෙරට අතර සර්වකාලීන සහයෝගීතාවයෙන් වඩාත් ඵලදායී ප්‍රතිඵල ලබා ගැනීමට ද උත්සාහ කළ යුතුය. මේ තුළින් දෙරටේ ජනතාවට වඩාත් ප්රතිලාභ ලබා දෙමින්, කලාපීය සාමය සහ ස්ථාවරත්වය ප්‍රවර්ධනය කිරීමට හැකි වෙතැයි අපේක්ෂා කෙරේ. පොදු ඉරණමක් සහිත අසල්වැසි ප්‍රජාව ගොඩනැගීම සඳහා ආදර්ශයක් සැපයීමට බලාපොරොත්තු වන බව ද ෂී ජින්පිං මහතා එහිදී සඳහන් කළේය.
පාකිස්ථානයේ ස්වාධීනත්වය, ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම සඳහා චීනය ස්ථිරවම සහාය දෙන බව ෂී ජින්පිං මහතා අවධාරණය කළේ ය. ප්‍රධාන සන්ධිස්ථාන ව්‍යාපෘති සහ කුඩා පරිමාණයේ උසස් ජීවනෝපාය ව්‍යාපෘති ඉදිකිරීමේදී දෙපාර්ශ්වය සම්බන්ධීකරණයෙන් කටයුතු කළ යුතුය. එමෙන් ම, කලාපීය සාමය සහ ස්ථාවරත්වය ඒකාබද්ධව ආරක්ෂා කිරීමට දෙපාර්ශ්වය ඉහළ මට්ටමේ සහ පුළුල් පරාසයක ආරක්ෂක සහයෝගීතාවයක් ක්‍රියාත්මක කළ යුතු බව ද චීන ජනාධිපතිවරයා පවසා ඇත.
මැදපෙරදිග සාමය යථා තත්ත්වයට පත් කිරීම සඳහා පාකිස්ථානයේ මැදිහත්වීමේ කාර්යභාරය චීනය අගය කරයි. දෙපාර්ශ්වය ඒකාබද්ධව ඒකපාර්ශ්විකත්වයට සහ සීතල යුද මානසිකත්වයට විරුද්ධ විය යුතු බවත්, සාධාරණ ලෝකයේ බහු ධ්‍රැවීයතාව සහ සියල්ල ඇතුළත් ආර්ථික ගෝලීයකරණය ඒකාබද්ධව ප්‍රවර්ධනය කළ යුතු බවත් ෂී ජින්පිං මහතා එහිදී ප්‍රකාශ කර ඇත.
පාකිස්ථානය “එකම චීනය” මූලධර්මය දැඩි ලෙස අනුගමනය කරන බවත්, චීනයේ මූලික අවශ්‍යතා සම්බන්ධ සියලු කටයුතු සම්බන්ධයෙන් චීනයේ ස්ථාවරයට දැඩි ලෙස සහාය දෙන බවත්, සැමවිටම චීනයේ හොඳ මිතුරෙකු වන බවත් Muhammad Shahbaz Sharif මහතා එම හමුවේදී පැවසීය. “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළ යටතේ චීනය සමග සහයෝගීතාව ශක්තිමත් කරමින් චීන-පාකිස්ථාන ආර්ථික කොරිඩෝව ඉදිකිරීම ඉදිරියට ගෙන යාමට පාකිස්ථානය කැමැත්තෙන් සිටියි. මේ මගින් දෙරටේ ජනතාවට ප්රතිලාභ සපයමින් පාකිස්ථාන-චීන සබඳතා වර්ධනය අඛණ්ඩව ප්‍රවර්ධනය කිරීමට බලාපොරොත්තු වන බව ද පාකිස්ථාන අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.
More Stories
චීන විදේශ අමාත්‍යවරයා සහ කැනේඩියාවේ අගමැතිවරයා අතර හමුවක්
යුරෝපා කොමිසම වෙනස් ව සැලකීමේ සීමාවන් ක්‍රියාත්මක කරන්නේ නම් චීනය දැඩි ප්‍රති පියවර ගනු ඇත-චීන වාණිජ අමාත්‍යාංශය
Shenzhou 21 ගගනගාමීහූ සාර්ථකව යානයෙන් පිටතට පැමිණෙති