November 10, 2026

චීන ජනපති ‘ජූලි 1 පදක්කම’ සම්මානලාභීන්ට ප්‍රදානය කරයි

අද (01) පෙරවරු 10.00ට බෙයිජිං හි මහජන මහා ශාලාවේදී  ඇරඹුණු චීන කොමියුනිස්ට් පක්ෂය ස්ථාපිත කිරීමේ 105වැනි සංවත්සර සැමරුම් උත්සවයේ දී, චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති, මධ්‍යම හමුදා කොමිසමේ සභාපති ෂී ජින්පිං මහතා පක්ෂයේ ඉහළතම ගෞරවයට හිමිකම් කියන ‘ජූලි 1 පදක්කම’ සම්මානලාභීන් වෙත පිරිනැමීය.

2021 වසරේ චීන කොමියුනිස්ට් පක්ෂයේ ශත සංවත්සර සැමරුමේදී‘ජූලි 1 පදක්කම’ප්‍රථම වරට පිරිනමනු ලැබීය. එම අවස්ථාවේදී චීන කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයෝ 29දෙනෙක් මෙම සම්මානයෙන් පිදුම් ලැබූහ. සම්මාන ප්‍රදානෝත්සවය පැවැත්වූ දෙවන අවස්ථාව මෙයයි. එහිදී පක්ෂය හා ජනතාව වෙනුවෙන් ඉහළ කැපවීමෙන් සිය වගකීම් හා යුතුකම් ඉටු කරමින් සිටින පක්ෂ සාමාජිකයන් 8දෙනෙකුට මෙම සම්මානය හිමි විය.

About The Author