චීන කොමියුනිස්ට් පක්ෂය ස්ථාපිත කිරීමේ 105වැනි සංවත්සර සැමරුම් උත්සවය අද(01) පෙරවරු 10:00ට බෙයිජිං හි මහජන මහා ශාලාවේදී ආරම්භ විය. චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති සහ මධ්‍යම හමුදා කොමිසමේ සභාපති ෂී ජින්පිං මහතා එහිදී පක්ෂයේ ඉහළතම ගෞරවයට හිමිකම් කියන “ජූලි 1 පදක්කම” සම්මානලාභීන් වෙත පිරිනමමින් එහිදී වැදගත් දේශනයක් ද සිදු කළේය.
වසර 105ක නොනවතින අරගලය චීන ජනතාවගේ අනාගතය සහ ඉරණම මූලික වශයෙන් වෙනස් කර ඇති බව ෂී ජින් පිං මහතා එහිදී පැවසීය. වසර 105 ක මෙම අඛණ්ඩ අරගලය චීන ජාතියේ මහා පුනර්ජීවනය සාක්ෂාත් කර ගැනීම සඳහා නිවැරදි මාවත විවර කර ඇති බව ද ඔහු සඳහන් කළේය. වසර 105 ක මෙම ගමන්මග මාක්ස්වාදයේ බලගතු ජීව ගුණය ද මනාව පෙන්නුම් කර ඇත. එමෙන්ම, වසර 105 ක මෙම අඛණ්ඩ ඓතිහාසික අරගලය ලෝක ඉතිහාසයේ ගමන් මගට ප්‍රබල ලෙස බලපා ඇති බවත්, එය ශක්තිමත් ව චීන කොමියුනිස්ට් පක්ෂය ගොඩනැගීමට දායක වී ඇති බවත් ඔහු පැවසීය.
More Stories
APEC නායක සමුළුවේ මාධ්‍ය මධ්‍යස්ථාන වෙබ්අඩවිය නිල වශයෙන් ක්‍රියාත්මක කෙරේ
දැඩි විනයකින් යුත් චීන කොමියුනිස්ට් පක්ෂ පාලනය පිළිබඳ ගෝලීය සංවාද මාලාව ආසියානු රටවල පැවැත්වේ
මධ්‍යගත ප්රජාතන්ත්රවාදය: චීනයට ආවේණික පාලන ක්රමයේ සුවිශේෂී දේශපාලන දැක්ම