එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය පසුගියදා (26) Nord Stream ස්වාභාවික ගෑස් නල මාර්ග පිපිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීන උප නිත්‍ය නියෝජිත Geng Shuang මහතා ඊට සහභාගි වෙමින් පැවසුවේ, අදාළ විමර්ශනය දේශපාලනීකරණය නොකළ යුතු අතර වගකිවයුත්තන්ට වගකීම පැවරිය යුතු බවයි.
2022 සැප්තැම්බර් 26 වන දින, රුසියාව, ජර්මනිය සහ අනෙකුත් යුරෝපීය රටවල් සම්බන්ධ කරන බෝල්ටික් මුහුදේ ගෑස් නල මාර්ග වන ” Nord Stream 1″ සහ ” Nord Stream 2″ යන ගෑස් නල ඩෙන්මාර්කය සහ ස්වීඩනය අසල මුහුදු ප්‍රදේශයේදී දරුණු පිපිරීමකට ලක් වූ අතර එමඟින් ස්වාභාවික ගෑස් විශාල ප්‍රමාණයක් කාන්දු විය. නල මාර්ග හතරෙන් තුනක් කාන්දු වෙමින් පවතින බවත් ඒවා විනාශකාරී ක්‍රියාවකින් සිදු වූවක් බවට සැක කරන බවත් පරීක්ෂණයකින් හෙළි විය.
ජර්මනිය අදාළ විමර්ශනය කඩිනමින් සිදු කරමින් එහි ප්‍රගතිය ප්‍රකාශයට පත් කරන ලෙසත්, අදාළ රටවල සහයෝගීතාව ශක්තිමත් කරන ලෙසත් චීනය ඉල්ලා සිටී. ආරක්ෂක මණ්ඩලය එම සිද්ධිය කෙරෙහි අවධානය යොමු කරනු ඇතැයි චීනය බලාපොරොත්තු වන බව ද Geng Shuang මහතා එහිදී කියාසිටියේය.
More Stories
ලොවක් වසඟ කළ චීන සංස්කෘතික උළෙල
සංශෝධිත ‘චීන මහජන සමූහාණ්ඩුවේ ස්වාභාවික රක්ෂිත රෙගුලාසිය’ එළි දැක්වෙයි
මේ වසරේ ආරම්භයේම චීන චිත්‍රපට බොක්ස් ඔෆිස් ආදායම වාර්තාගත ලෙස ඉහළට