චීනයේ Xizang ස්වායත්තය හෙවත් ටිබෙට් ලෙස හැඳින්වෙන කලාපය චීනයට අයත් විශේෂ ප්‍රදේශයක් ලෙසයි සැලකෙන්නේ. එහි ස්ථාපිත කිරීමේ 60 වෙනි සංවත්සරය මේ වසරට යෙදී තිබෙනවා. ලෝකයේ පියස්ස ලෙස හැඳින්වෙන Xizang චීනයේ ස්වායත්තයක් ලෙස නිල වශයෙන් නම් කෙරුණේ වර්ෂ 1965දීය. එනම් මේ වසරේ සමරන්නේ එහි 60 වන සංවත්සරයයි.
ගෙවුණු වසර 60 තුළ, චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය යටතේ සමාජවාදී ක්‍රමය හා ජනතා ප්‍රජාතන්ත්‍රවාදය Xizang ස්වායත්තයේ ස්ථාපිත කර තිබෙනවා. මේ අතර, චීන කොමියුනිස්ට් පක්ෂයේ Xizang ස්වායත්තයේ කමිටු ලේකම්වරයා පසුගියදා පැවසුවේ පසුගිය වසර 60 තුළ, Xizang හි ආර්ථික වර්ධන මට්ටම අඛණ්ඩව ඉහළ නංවා ඇති බවයි. 2024 වසරේ එහි නිෂ්පාදිත වටිනාකම චීන යුවාන් බිලියන 276.5ක් වූ අතර, එය 1965 වසරට සාපේක්ෂව 155 ගුණයක වර්ධනය වීමක්. එම කාලය තුළ, වාර්ෂිකව 8.9%ක වර්ධනයක් ද පෙන්නුම් කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙම සංවර්ධන ජයග්‍රහණ සමගින් සමරන 60 වන සංවත්සරය වෙනුවෙන් විශේෂ සැමරුම් වැඩසටහන් රාශියක් පැවැත්වෙනවා. එහි ප්‍රධාන සැමරුම් උත්සවයට චීන ජනාධිපති ෂී ජින් පිං මහතා එක්වීම ලොවපුරා අවධානය දිනා ගත්තා. අද(21) ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් Lhasa අගනුවර පොතාලා මාලිගා චතුරශ්‍රය ඉදිරිපිට දී මෙම සැමරුම උත්සවශ්‍රීයෙන් පැවැත්වුණා.
චීන මහජන හමුදා උත්තමාචාර පෙළපාලිය සහ Xizang ස්වායත්තයට අනන්‍ය සංස්කෘතිකාංගයන්ගෙන් අලංකාර වූ මෙම සැමරුම් උත්සවයට එහි ජීවත් වන විවිධ ජනවර්ගයන් නියෝජනය කරමින් 20000 ක පමණ පිරිසක් එක්ව සිටීම විශේෂත්වයක්.
More Stories
චීන හා වියට්නාම ජනපති ආර්යාවෝ චීන ජාතික මහා රඟහල නරඹති
ඇමරිකාව ඊනියා හේතුවක් මත චීනයට එරෙහිව තීරු බදු පැනවුවහොත් ඒ සම්බන්ධයෙන් දැඩි ප්‍රති පියවර ගන්නා බවට චීනයෙන් ප්‍රකාශයක්
ඉරාන වරායන්ට ඇතුළු වන සහ පිටවන නෞකා ඇමරිකාව අවහිර කිරීම ආතතීන් තවත් උග්‍ර කරන බව චීනය කියයි