November 10, 2026

පිලිපීන ජාතික ආරක්ෂක අමාත්‍යාංශයේ අසත්‍ය ප්‍රකාශය සම්බන්ධයෙන් චීනයේ දැඩි විරෝධය 

චීනයේ ජනවාර්ගික සමගිය හා ප්‍රගතිය තහවුරු කිරීමේ නීතිය සම්බන්ධයෙන් පිලිපීන ජාතිකාරක්ෂක අමාත්‍යාංශය සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන්  චීන විදේශ අමාත්‍යාංශය දැඩි විරෝධය පළ කරයි.

චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක Lin Jian මහතා ඊයේ(4) මේ බව ප්‍රකාශ කළේය. අදාළ ප්‍රකාශය අසත්‍ය වන අතර එයින් චීනයට එරෙහි අයුතු විරෝධයක් සිදු කර ඇත. චීනයේ අභ්‍යන්තර කටයුතුවලට දරුණු ලෙස මැදිහත් වූ එම ප්‍රකාශය දේශපාලනික ප්‍රකෝප කිරීමකි. එබැවින් මෙම ප්‍රකෝප කිරීම් සහ පදනම් විරහිත ප්‍රකාශ නතර කරන ලෙස චීනය පිලිපීනයෙන් ඉල්ලා සිටින බව Lin Jian මහතා පැවසීය.

චීනයේ ජනවාර්ගික සමගිය හා ප්‍රගතිය තහවුරු කිරීමේ නීතිය ක්‍රියාත්මක කිරීම ඒ ඒ ජාතීන්ට අයත් ජනතාවගේ නීත්‍යනුකූල අයිතිවාසිකම් සහතික කිරීමට ඉවහල් වන අතර ජනවාර්ගික සමගිය හා ප්‍රගතිය තහවුරු කිරීමේ කටයුතු සඳහා ස්ථිර නීතිමය සුරක්ෂිතභාවයක් ලබා දුන් බවද චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක Lin Jian මහතා වැඩිදුරටත් සඳහන් කළේය. 

About The Author