November 10, 2026

ජර්මනිය සහ යුරෝපා පාර්ශ්වය චීනය මෙන් සමාන ඉලක්ක වෙනු‍වෙන් කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරයි–චීන විදේශ අමාත්‍යාංශය

ජර්මනිය සහ යුරෝපා පාර්ශ්වය චීනය මෙන් සමාන ඉලක්ක වෙනු‍වෙන් කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරන බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක Guo Jiakun මහතා ප්‍රකාශ කරයි. ඔහු මෙසේ ප්‍රකාශ කළේ බෙයිජිංහි අද(28) පැවති මාධ්‍ය හමුවකදීය. ඒ ජර්මානු චාන්සලර් Friedrich Merz මහතා මෑතකදී චීනය සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශ පිළිබඳ චීනයේ අදහස සම්බන්ධයෙන් වාර්තාකරුවෙක් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමිනි.

චීනය සහ ජර්මනිය මෙන්ම චීනය සහ යුරෝපා පාර්ශ්වය අතර ද ආර්ථික අනුපූරකතාවයන් පවතින අතර, කාර්මික දාමයන් ද පුළුල් ලෙස ඒකාබද්ධ වී ඇති බව Guo Jiakun මහතා පෙන්වා දුන්නේය. ‍ද්විපාර්ශ්වික සහයෝගීතාවයේ පදනම වන්නේ අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහ පොදු ජයග්‍රහණය බව ද ඔහු කියාසිටියේය.

ජර්මනිය සහ යුරෝපා පාර්ශ්වයන් වෛෂයික සහ තාර්කික ඉදිරි දර්ශනයක සිට චීනය මෙන් සමාන ඉලක්ක වෙත ගමන් කරමින් විශ්වසනීය හවුල්කරුවන් ලෙස ක්‍රියා කරනු ඇතැයි චීනයේ අපේක්ෂාවය. සංවාදය සහ සාකච්ඡා තුළින් ගැටුම් සහ මතභේද විසඳා ගැනීමට උත්සාහ කරමින්, ගෝලීය කාර්මික සහ සැපයුම් දාමවල ස්ථාවරත්වය සහ විධිමත් ක්‍රියාකාරිත්වය ඒකාබද්ධව ආරක්ෂා කරමින් ව්‍යාපාරික සහයෝගීතාවය සඳහා වැඩි නිශ්චිතභාවයක් ලබා දිය යුතු බව ද Guo Jiakun මහතා අවධාරණය කළේය.

About The Author