ඇමරිකාව කියුබාවට පනවා ඇති සම්බාධක වහාම ඉවත් කළ යුතු බව චීනය පවසයි. එක්සත් ජාතීන්ගේ චීන නිත්‍ය නියෝජිත Fu Cong මහතා මේ බව කියා සිටියේ ඊයේ (27) එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදී පැවති ඇමරිකාව කියුබාවට පනවා ඇති ආර්ථික, වාණිජ හා මූල්‍ය සම්බාධක ඉවත් කිරීම පිළිබඳ සාකච්ඡාවේදීය.
තම රටේ තත්ත්වයන්ට අනුකූලව සමාජීය පද්ධතිය හා සංවර්ධන මාර්ගය ස්වාධීනව තෝරා ගැනීමේ අයිතිය ඒ ඒ රටවලට හිමි වන බව Fu Cong මහතා එහිදී ප්‍රකාශ කළේය. කියුබාවට එරෙහිව කිසිදු රටකට බලහත්කාරයෙන් සම්බාධක පැනවීමේ අයිතියක් නොමැත. සිය කැමැත්ත හා සංවර්ධන මාවත ඒ රටට බලයෙන් පැවරීමේ අයිතියක් ද නොමැත. යුද තර්ජන එල්ල කිරීමෙන් හා අධිකරණ පියවර අයුතු ලෙස භාවිත කිරීමෙන් කියුබාවට එරෙහිව බලපෑම් එල්ල කිරීමට කිසිදු රටකට අයිතියක් නොමැති බව ද ඔහු අවධාරණය කර සිටියේය.
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ අවසරයකින් තොරව පනවා ඇති එක්පාර්ශ්වික සම්බාධකවලට ජාත්‍යන්තර නීති පදනමක් නොමැත. ඇතැම් රටවල් නිවැරදි මාවතට යොමු කිරීම සඳහා ජගත් ප්‍රජාව එක්ව කටයුතු කරන ලෙස ද Fu Cong මහතා එහිදී ඉල්ලා සිටියේය. කියුබාවට පනවා ඇති විවිධ සම්බාධක හා ඊට අදාළ පියවර වහාම ඉවත් කළ යුතු බවත්, ත්‍රස්තවාදීන්ට අනුබල දෙන රටවල නම් ලැයිස්තුවෙන් කියුබාව ඉවත් කළ යුතු බවත් හෙතෙම ප්‍රකාශ කර ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානය කේන්ද්‍ර කරගත් ජාත්‍යන්තර පද්ධතිය හා ජාත්‍යන්තර නීතිය මත පදනම්ව, ජාත්‍යන්තර පටිපාටිය එක්ව සුරක්ෂිත කිරීම සඳහා සෑම රටක්ම එක්ව කටයුතු කළ යුතු බව ද එක්සත් ජාතීන්ගේ චීන නිත්‍ය නියෝජිතවරයා එහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.
More Stories
ඇමරිකාවේ භාණ්ඩ මත පනවා ඇති 24%ක අතිරේක තීරුබද්ද තවත් මාස දෙකකට අත්හිටුවීමට චීනයෙන් තීරණයක්
‘පූර්ණ හා දැඩි විනයකින් යුතුව පක්ෂ පාලනය ඉදිරියට ගෙන යාම පිළිබඳ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ තීරණය’ට අදාළ කරුණු ඉදිරිපත් කෙරේ
පක්ෂ පාලනය පිළිබඳ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ තීරණය සම්බන්ධයෙන් චීන ජනපතිගෙන් පැහැදිලි කිරීමක්