උපායමාර්ගික ආරක්ෂාව සහ ද්වීපාර්ශ්වික උපායමාර්ගික සම්බන්ධීකරණයන් ඉහළ ගුණාත්මකභාවයෙන් යුතුව ඉදිරියට ගෙන යාමට දෙරටේ නායකයන් එළඹ ඇති වැදගත් එකඟතාවන් සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට චීනය හා රුසියාව එකඟ වෙයි.
චීන විදේශ අමාත්‍ය වන්ග් යී මහතා සහ රුසියානු සමූහාණ්ඩු ආරක්ෂක කවුන්සලයේ ලේකම් Sergei Shoigu මහතා අතර පැවති හමුවක දී මෙම එකඟතාව පළවිය. එම දෙපළ චීන -රුසියා උපායමාර්ගික ආරක්ෂක උපදේශනයේ 20 වෙනි වටයේ සම සභාපතිත්වය දැරූහ.
දෙරටම වැදගත් කොට සලකන ආරක්ෂක කරුණු ඇතුළු ප්‍රධාන කරුණු සම්බන්ධයෙන් පූර්ණ හා ගැඹුරු ලෙස එහිදී සාකච්ඡා කෙරිණ. නව එකඟතාවන්ට එළඹීමද සිදුවූ අතර උපාය මාර්ගික අන්‍යෝන්‍ය විශ්වාසය ශක්තිමත් කිරීමටද එම රැස්වීමේදී අවධානය යොමු විය. එහිදී අදහස් දැක්වූ චීන විදේශ ඇමතිවරයා පැවසුවේ චීන-රුසියා සබඳතා මෙම වසරේදී ඉහළ මට්ටමේ සංවර්ධනයක් අත්කර ගත් බවයි.
චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සහ රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් මහතා මෙම වසරේදී දෙවරක් හමුවිය. ඒ මොස්කව් නුවරදී සහ බෙයිජිං නුවරදීය. සංකීර්ණ හා වෙනස් වෙමින් පවතින පරිසරයක ද්වීපාර්ශ්වික සබඳතා ශක්තිමත් ලෙස සංවර්ධනය වෙනුවෙන් ඉන් මාර්ගෝපදේශයන් සැපයුනු බවද හෙතෙම කීය. ලබන වසරට චීන -රුසියා උපායමාර්ගික හවුල්කාරීත්ව සම්බන්ධීකරණය ස්ථාපිත කිරීමේ 30 වන සංවත්සරය යෙදෙන අතර චීන -රුසියා යහපත් අසල්වැසි සහ මිත්‍ර සහයෝගිතා ගිවිසුමට අත්සන් තැබීමේ 25 වෙනි සංවත්සරය ද එම වසරට යෙදේ. එය නව යුගයේ චීන – රුසියා සබඳතා සංවර්ධනයේ වැදගත් සංඩිස්ථානයක් බව චීන විදේශ ඇමතිවරයා පැවසීය.
එහිදී අදහස් දැක්වූ රුසියානු සමූහාණ්ඩු ආරක්ෂක කවුන්සලයේ ලේකම් Sergei Shoigu මහතා පැවසුවේ රුසියාව හා චීනය උපායමාර්ගික සබඳතා ශක්තිමත් කළ යුතු බවයි. එකම චීනය ප්‍රතිපත්තියේ රුසියාව දැඩිව එල්බ සිටින අතර තායිවානය, ෂීචන්ග්, ෂින්ජ්‍යං හා හොංකොං සම්බන්ධ චීනයේ ස්ථාවරයන්ට ශක්තිමත් සහයෝගයක් ලබාදෙන බවද හෙතෙම සඳහන් කළේය.
More Stories
ලොවක් වසඟ කළ චීන සංස්කෘතික උළෙල
සංශෝධිත ‘චීන මහජන සමූහාණ්ඩුවේ ස්වාභාවික රක්ෂිත රෙගුලාසිය’ එළි දැක්වෙයි
මේ වසරේ ආරම්භයේම චීන චිත්‍රපට බොක්ස් ඔෆිස් ආදායම වාර්තාගත ලෙස ඉහළට