November 11, 2026

ජාත්‍යන්තර නීතිය සමානව හා ඒකීය ලෙස ක්‍රියාත්මක කිරීමට චීනයෙන් ඉල්ලීමක්

ජාත්‍යන්තර නීතිය සියලු රටවල් සඳහා සමානව හා ඒකීය ලෙස ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස චීනය ජාත්‍යන්තර අධිකරණයෙන් ඉල්ලා සිටී.

එක්සත් ජාතීන්ගේ චීන නියෝජ්‍ය නිත්‍ය  නියෝජිත Sun Lei මහතා මේ බව ප්‍රකාශ ‍කළේ ඊයේ (28) එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ පැවති ජාත්‍යන්තර අධිකරණයේ සභාපතිවරයාගේ දැනුවත් කිරීමේ රැස්වීම අමතමිනි.

මෙම වසර ජාත්‍යන්තර අධිකරණයේ මෙහෙයුම් ආරම්භ කිරීමේ 80 වන සංවත්සරය සනිටුහන් කරන බව ඔහු පැවසීය. ජාත්‍යන්තර අධිකරණය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධාන අධිකරණ ආයතනය බවත්, එහි තීන්දු සහ ආරවුල් විසඳීමට මෙන්ම ජාත්‍යන්තර නීතිය අර්ථ නිරූපණය කිරීමට සහ ක්‍රියාත්මක කිරීමට ද ප්‍රබල බලපෑමක් ඇති කරන බවත් Sun Lei මහතා පැවසීය. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට සහ ජාත්‍යන්තර අධිකරණයේ සම්මුතියට අනුකූලව, ජාත්‍යන්තර අධිකරණය සිය රාජකාරි අඛණ්ඩව සහ විශ්වාසවන්තව ඉටු කරනු ඇතැයි ද,අපක්ෂපාතී සහ සාධාරණ ස්ථාවරයක් පවත්වා ගනු ඇතැයි ද චීනය අපේක්ෂා කරන බව ඔහු ප්‍රකාශ කළේය. එමෙන්ම, ජාත්‍යන්තර නීතියේ සමාන හා ඒකීයභාවය සහතික කරන ලෙසත් ද්විත්ව ප්‍රමිතීන් සහ තෝරාගත් අවස්ථාවල පමණක් නීතිය ක්‍රියාත්මක කිරීමෙන් වැළකී සිටින ලෙසත් චීනය ජාත්‍යන්තර අධිකරණයෙන් ඉල්ලා සිටින බව ඔහු ප්‍රකාශ කළේය.

About The Author