March 1, 2026

චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ රැස්වීමක් චීන ජනපති ප්‍රධානත්වයෙන්

චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශය 15වන පස්අවුරුදු සැලසුම පිළිබඳ රැස්වීමක් පවත්වයි. එම රැස්වීම අද (27) පක්ෂ මහ ලේකම්, ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. 14වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ 4වැනි සැසියේ පරීක්ෂාව සඳහා චීන රාජ්‍ය මණ්ඩලය විසින් ඉදිරිපත් කරන ලද චීනයේ 15වන පස්අවුරුදු සැලසුමට අදාළ කෙටුම්පත් සහ චීන රාජ්‍ය කාර්ය වාර්තාවේ කෙටුම්පත එහිදී සාකච්ඡාවට ලක් කෙරිණ.

14වන පස්අවුරුදු සැලසුම ක්‍රියාත්මක කෙරුණු කාලයේ ෂී ජින් පිං ජනාධිපතිවරයා ප්‍රමුඛ කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ නායකත්වය යටතේ චීන ජනතාව විවිධ දෙස් විදෙස් අභියෝග ජයගනිමින් විශිෂ්ට සංවර්ධන ජයග්‍රහණ ලබාගෙන තිබේ. දැනට ආරම්භ කර ඇති 15වන පස්අවුරුදු සැලසුම එම ජයග්‍රහණ තහවුරු කරමින් චීන සමාජවාදී නවීකරණය වඩාත් ඉදිරියට ගෙන යාම සඳහා ඉතා තීරණාත්මක ය. 15වන පස්අවුරුදු සැලසුම ක්‍රියාත්මක කිරීමේදී ෂී ජින් පිං ජනාධිපතිවරයාගේ නව යුගයේ චීන ලක්ෂණයෙන් යුත් සමාජවාදී චින්තනය මගපෙන්වීමක් වශයෙන් සැලකිය යුතු බවත්, දෙවන සහශ්‍ර ඉලක්ක සපුරාලමින් චීනය ප්‍රබල සමාජවාදී හා නවීන රටක් බවට පත් කිරීමේ ඉලක්කය සාක්ෂාත් කර ගත යුතු බවත්,එම සැසියේදී අවධාරණය කෙරිණ.

චීනයේ 15වන පස්අවුරුදු සැලසුමට අදාළ කෙටුම්පත් සමාලෝචනය සඳහා 14වන චීන ජාතික මහජන කොංග්‍රසයේ 4වන සැසිය හා චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 14වන ජාතික කමිටුවේ 4වන සැසිය වෙත ඉදිරිපත් කර සාකච්ඡා කිරීමේදී පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදයක් තිබිය යුතු බවත්, මේ වසරේ රජයේ සියලු කටයුතු ඉහළ මට්ටමින් සිදු කළ යුතු බවත්, එම සැසියේදී අවධාරණය කෙරිණ.

About The Author