
හයිටි රාජ්‍යයේ දේශපාලන ක්‍රියාදාමය කඩිනම් කළ යුතු යැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීන නිත්‍ය නියෝජිත කණ්ඩායමේ නියෝජ්‍ය ප්‍රධානී Sun Lei මහතා පවසයි.
ඔහු එසේ පැවසුවේ හයිටි රාජ්‍යයේ ප්‍රශ්නය පිළිබඳව ආරක්ෂක මණ්ඩලයේ පසුගියදා(21) පැවති විවෘත රැස්වීම අමතමිනි.
නීත්‍යනුකූල, ඵලදායි, වගකියන රජයක් ස්ථාපිත කිරීම, හයිටි රාජ්‍යය වත්මන් අර්බුදයෙන් මුදවා ගැනීමට ඇති එකම ප්‍රවේශය බව ඔහු පෙන්වා දී තිබේ. හයිටි රාජ්‍යයේ ක්‍රියාත්මක විවිධ පක්ෂ රටේ අනාගතය හා ජනතාවගේ අවශ්‍යතාව සැලකිල්ලට ගෙන සමගිය තහවුරු කරමින්, ස්ථාවරත්වය යළි සහතික කිරීම, මැතිවරණ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාම හා කළමනාකරණය ශක්තිමත් කිරීම පිළිබඳ පොදු අදහස් එක්රැස් කිරීමෙහි නියැළී සිටිය යුතු බව ද ඔහු කියාසිටියේය. දේශපාලන ක්‍රියාදාමය කඩිනම් කිරීමට ආරක්ෂක මණ්ඩලය, කලාපීය රටවල් හා ජගත් ප්‍රජාව එරට විවිධ පාර්ශ්වයන්ට පැහැදිලි සංඥාවක් නිකුත් කිරීමේ අවශ්‍යතාවය ද ඔහු පෙන්වා දී තිබේ.
හයිටි රාජ්‍යයට අවි ආයුධ සපයන රටවල්, සිය දේශසීමා පාලනය හා අවි පාලනය අතින් ප්‍රායෝගික පියවර ගනිමින් නීති-විරෝධී අවි ආයුධ හයිටි රාජ්‍යයට ගලා යාමේ මූලයන් විනාශ කළ යුතු බව ද චීන නියෝජිතයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
More Stories
චීන විදේශ අමාත්‍යවරයා සහ කැනේඩියාවේ අගමැතිවරයා අතර හමුවක්
යුරෝපා කොමිසම වෙනස් ව සැලකීමේ සීමාවන් ක්‍රියාත්මක කරන්නේ නම් චීනය දැඩි ප්‍රති පියවර ගනු ඇත-චීන වාණිජ අමාත්‍යාංශය
Shenzhou 21 ගගනගාමීහූ සාර්ථකව යානයෙන් පිටතට පැමිණෙති