කාම්බෝජය සහ තායිලන්තය අතර දේශසීමා ආරවුල් සාමකාමීව විසඳීමට සහාය වන බව චීනය පවසයි.
කාම්බෝජ-තායිලන්ත දේශසීමා ගැටලුව වෙත අවධානය යොමු කරමින් ආසියාන් සංවිධානයේ විශේෂ විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීම ඊයේ(22) ක්වාලාලම්පූර්හිදී පැවති අතර, එහිදී අනාවරණ වූයේ තවමත් දෙරට අතර සටන් විරාම ගිවිසුමකට එළඹ නොමැති බවයි. ඒ පිළිබඳව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Lin Jian මහතා අද (22) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී වාර්තාකරුවෙකු කළ විමසීමකට පිළිතුරු දෙමින් චීනයේ ප්‍රතිචාරය පැහැදිලි කර ඇත.
දෙරට අතර සාමය ප්‍රවර්ධනය සඳහා ආසියාන් සංවිධානය, විශේෂයෙන් මැලේසියාව දරන උත්සාහයන් චීනය අගය කරන බව Lin Jian මහතා එහිදී පෙන්වා දුන්නේය. කාම්බෝජයේ සහ තායිලන්තයේ මිතුරෙකු සහ අසල්වැසියෙකු ලෙස, චීනයේ අවංක බලාපොරොත්තුව වනුයේ, යළි සාමය ස්ථාපිත කිරීමය. එබැවින් තම දේශසීමාවේ සාමය සහ දෙරටේ ජනතාවගේ මූලික අවශ්‍යතා පවත්වා ගැනීම සඳහා, දෙපාර්ශ්වය හැකි ඉක්මනින් සටන් විරාමයකට එළඹෙනු ඇතැයි චීනය අපේක්ෂා කරන බව ඔහු අවධාරණය කර ඇත.
More Stories
චීන හා වියට්නාම ජනපති ආර්යාවෝ චීන ජාතික මහා රඟහල නරඹති
ඇමරිකාව ඊනියා හේතුවක් මත චීනයට එරෙහිව තීරු බදු පැනවුවහොත් ඒ සම්බන්ධයෙන් දැඩි ප්‍රති පියවර ගන්නා බවට චීනයෙන් ප්‍රකාශයක්
ඉරාන වරායන්ට ඇතුළු වන සහ පිටවන නෞකා ඇමරිකාව අවහිර කිරීම ආතතීන් තවත් උග්‍ර කරන බව චීනය කියයි