ජාත්‍යන්තර විද්‍යා හා තාක්ෂණ නවෝත්පාදන මධ්‍යස්ථානයක් සහ ඉහළ මට්ටමේ කුසලතා මධ්‍යස්ථානයක් ලෙස බෙයිජිං නගරය ගොඩනැගීම වේගවත් කළ යුතු බවට චීන ජනාධිපති ෂී ජින් පිං මහතා උපදෙස් දී ඇත. චීන කොමියුනිස්ට් පක්ෂයේ 18 වැනි ජාතික කොංග්‍රසයේ ආරම්භයේ සිට, බෙයිජිං නගරය එම වැදගත් උපදෙස් අනුගමනය කරමින් බෙයිජිං-ටියැන්ජින්-හෙබෙයි කලාපයේ විද්‍යා හා තාක්ෂණ නවෝත්පාදන මට්ටමේ අඛණ්ඩ ඉදිරි පිම්මක් මෙහෙයවයි.
බෙයිජිංහි නවෝත්පාදන තෝතැන්න වන Zhongguancun විද්‍යා උද්‍යානය බෙයිජිං නගරයේ දළ දේශීය නිෂ්පාදිතයෙන් තුනෙන් එකකට පමණ දායක වේ. ෂී ජින් පිං මහතා සැමවිටම එම උද්‍යානයේ සංවර්ධනය පිළිබඳව සැලකිලිමත් වී ඇත. එහිදී නවෝත්පාදන හරහා හැකි ඉක්මනින් සංවර්ධනය කරා ළඟා වීමේ මාර්ගයකට පරිවර්තනය විය යුතු බව 2013 වසරේදී ඔහු පෙන්වා දුන්නේය. ඒ යටතේ බෙයිජිං නගරය විද්‍යා හා තාක්ෂණ නවෝත්පාදනය තවදුරටත් ශක්තිමත් කිරීමට උත්සාහ දරා ඇත.
චීනයේ 14 වන පස් අවුරුදු සැලැසුම් සමයේදී ෂී ජින් පිං මහතා බෙයිජිංහි නවෝත්පාදන වාසි සහ ටියැන්ජින්හි උසස් නිෂ්පාදන වාසි ඒකාබද්ධ කිරීමේ වැදගත්කම පෙන්වා දුන්නේය. එමෙන්ම බෙයිජිං නගරය, ටියැන්ජින් නගරය සහ හෙබෙයි පළාත අතර ඵලදායී සහයෝගිතාව සංවර්ධනය කළ යුතු බව ද ඔහු අවධාරණය කර ඇත.
වර්තමානයේ, බෙයිජිං, ටියැන්ජින් සහ හෙබෙයි ඒකාබද්ධව මූලික පර්යේෂණ සහයෝගිතා ව්‍යාපෘති 220කට වැඩි ගණනක් සඳහා අරමුදල් සපයා ඇති අතර, නවෝත්පාදන සහයෝගිතා යාන්ත්‍රණයක් ද ස්ථාපිත කර ඇත. එම කලාපය තුළ ජාතික මට්ටමේ උසස් නිෂ්පාදන කර්මාන්ත පොකුරු සංඛ්‍යාව හත දක්වා වැඩි වී තිබේ. මෑතකදී පැවති චීනයේ මධ්‍යම ආර්ථික කාර්ය සැසිවාරයේදී, බෙයිජිං-ටියැන්ජින්-හෙබෙයි කලාපය ඇතුළත් කිරීම සඳහා බෙයිජිං ජාත්‍යන්තර විද්‍යා හා තාක්ෂණ නවෝත්පාදන මධ්‍යස්ථානය පුළුල් කිරීමට තීරණය කෙරිණ.
නව ආරම්භක ස්ථානයක සිට, බෙයිජිං, ටියැන්ජින් සහ හෙබෙයි සහයෝගිතාවෙන් ජාත්‍යන්තර විද්‍යා හා තාක්ෂණ නවෝත්පාදන මධ්‍යස්ථානයක් ගොඩනැගීමේ ඉලක්කය කරා අධිෂ්ඨානයෙන් ඉදිරියට යමින් සිටී.
More Stories
චීන හා වියට්නාම ජනපති ආර්යාවෝ චීන ජාතික මහා රඟහල නරඹති
ඇමරිකාව ඊනියා හේතුවක් මත චීනයට එරෙහිව තීරු බදු පැනවුවහොත් ඒ සම්බන්ධයෙන් දැඩි ප්‍රති පියවර ගන්නා බවට චීනයෙන් ප්‍රකාශයක්
ඉරාන වරායන්ට ඇතුළු වන සහ පිටවන නෞකා ඇමරිකාව අවහිර කිරීම ආතතීන් තවත් උග්‍ර කරන බව චීනය කියයි