එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය පසුගියදා(10) ඇෆ්ගනිස්ථානයේ තත්ත්වය පිළිබඳ සමාලෝචනයක් කළේය. ජාත්‍යන්තර ප්‍රජාව සහ ඇෆ්ගන් රජය අතර සම්බන්ධතාවය ශක්තිමත්ව පවත්වා ගැනීම වඩාත් වැදගත් බවත් ඇෆ්ගනිස්ථානයේ මානුෂීය සහ සංවර්ධන අභියෝගවලට මුහුණ දීමට සහාය වීම ඉතා හදිසි මෙහෙවරක් බවත් එක්සත් ජාතීන්ගේ චීන නිත්‍ය නියෝජිත Fu Cong මහතා එහිදී පෙන්වා දුන්නේය.
සමස්ත ඇෆ්ගන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් සහතික කළ යුතු අතර විවිධ ආකාරයේ ත්‍රස්තවාදී බලවේග තුරන් කිරීම ජාත්‍යන්තර ප්‍රජාවේ දැඩි අපේක්ෂාවක් බව ද ඔහු කියා සිටියේය.
ඇෆ්ගනිස්ථානයේ එක්සත් ජාතීන්ගේ දූත මණ්ඩල ප්‍රධානී තනතුරේ මාස තුනක පුරප්පාඩුව පිරවීම සඳහා, ශක්තිමත් නායකත්වයක් සහ ඇෆ්ගනිස්ථානය ඇතුළු සියලු පාර්ශ්වයන්ට පිළිගත හැකි නියෝජිතයෙකු කඩිනමින් නම් කිරීම සඳහා චීනය මහලේකම්වරයාට සහාය දෙයි. ඇෆ්ගනිස්ථාන ගැටලුවට දේශපාලන විසඳුමක් ලබා දීම සඳහා වඩාත් ක්‍රියාකාරී භූමිකාවක් ඉටු කරමින් ආරක්ෂක මණ්ඩලය පෙළඹවීමට ජාත්‍යන්තර ප්‍රජාව සමග අඛණ්ඩව කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව ද Fu Cong මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත.
More Stories
චීන විදේශ අමාත්‍යවරයා හා ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා අතර දුරකථන සංවාදයක්
චීනයේ විවෘත කිරීමේ දොරටු තව තවත් පුළුල් ලෙස විවෘත වනු ඇති බව ප්‍රකාශ කෙරේ
මැදපෙරදිග ගැටුම සම්බන්ධයෙන් චීනය සිය ස්ථාවරය පැහැදිලි කරයි