ජපාන ස්වයං ආරක්ෂක හමුදාවේ හිටපු මාණ්ඩලික ප්‍රධානී IWASAKI Shigeruට එරෙහිව ප්‍රතිපියවර ගැනීමේ තීරණය චීන විදේශ අමාත්‍යාංශය අද(15) නිකුත් කළේ ය.
චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක Guo Jiakun මහතා අද(15) මේ බව සඳහන් කරමින් අවධාරණය කළේ, තායිවාන ප්රශ්නය චීනයේ කෙන්ද්‍රිය අවශ්‍යතාවක් වන අතර, එය තරණය කළ නොහැකි රතු රේඛාවක් බවයි.
IWASAKI Shigeru “තායිවාන බෙදුම්වාදී බලවේග” සමග විවෘතව කුමන්ත්‍රණය කරමින් එකම චීනය මූලධර්මය සහ චීනය හා ජපානය අතර දේශපාලන ලේඛන හතරේ ජීවගුණය බරපතල ලෙස උල්ලංඝනය කර ඇති අතර, චීනයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීම මෙන්ම චීනයේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාවයට දැඩි ලෙස හානි සිදු කර තිබේ. “චීන මහජන සමූහාණ්ඩුවේ විදේශ සම්බාධක විරෝධී නීතිය”ට අනුකූලව, IWASAKI Shigeruට එරෙහිව ප්‍රතිපියවර ගැනීමට තීරණය කර ඇති බව Guo Jiakun මහතා එහිදී සඳහන් කළේ ය.
More Stories
APEC නායක සමුළුවේ මාධ්‍ය මධ්‍යස්ථාන වෙබ්අඩවිය නිල වශයෙන් ක්‍රියාත්මක කෙරේ
දැඩි විනයකින් යුත් චීන කොමියුනිස්ට් පක්ෂ පාලනය පිළිබඳ ගෝලීය සංවාද මාලාව ආසියානු රටවල පැවැත්වේ
මධ්‍යගත ප්රජාතන්ත්රවාදය: චීනයට ආවේණික පාලන ක්රමයේ සුවිශේෂී දේශපාලන දැක්ම