එළඹෙන චීන සාම්ප්‍රදායික නව වසර සත්ව රාශි චක්‍රයට අනුව අශ්වයාගේ වසරයි. චීන මාධ්‍ය සමූහය (CMG) එම නව වසර පිළිගැනීම වෙනුවෙන් ඉදිරිපත් කරන අලුත් අවුරුදු කලා ප්‍රසංගය හෙවත් වසන්ත උත්සව රූපවාහිනී ප්‍රසංගයේ තේමාව සහ ප්‍රධාන ලාංඡනය අද (10) ප්‍රකාශයට පත් කෙරිණ.
“වේගවත් පිම්ම, නොනවතින ගම්‍යතාව” යන්න එහි තේමාවයි. ප්‍රීතිමත් මෙන්ම සුබදායී පරිසරය මධ්‍යයේ ලොව පුරා වෙසෙන චීන ජනතාවට නව වසර පිළිගැනීම වෙනුවෙන් සුවිශේෂී සංස්කෘතික අත්දැකීමක් විඳීමට ඉන් ආරාධනා කෙරේ.
එහි ප්‍රධාන ලාංඡනය, “අශ්වයින් සිව් දෙනෙකු එක්ව ධාවනය” වන අයුරු ආභාෂයට ගනිමින් සාම්ප්‍රදායික චීන වලාකුළු සහ ගිගුරුම් රටා අංග ද සුසංයෝගීව ප්‍රබල ශක්තියකින් ඉදිරියට ගමන් කරන ආත්මයක් එමගින් පෙන්නුම් කෙරේ.
More Stories
චීන විදේශ අමාත්‍යවරයා සහ කැනේඩියාවේ අගමැතිවරයා අතර හමුවක්
යුරෝපා කොමිසම වෙනස් ව සැලකීමේ සීමාවන් ක්‍රියාත්මක කරන්නේ නම් චීනය දැඩි ප්‍රති පියවර ගනු ඇත-චීන වාණිජ අමාත්‍යාංශය
Shenzhou 21 ගගනගාමීහූ සාර්ථකව යානයෙන් පිටතට පැමිණෙති