චීනය අද (9) තවත් චන්ද්‍රිකා කිහිපයක් සාර්ථකව කක්ෂගත කළේය.
නව චන්ද්‍රිකා සමූහයක් චීනයේ ෂැන්සි පලාතේ තායුවාන් චන්ද්‍රිකා නිකුත් කිරීමේ මධ්‍යස්ථානයෙන් නිකුත් කෙරිණ. එය චීනයේ පහළ කක්ෂීය අන්තර්ජාල චන්ද්‍රිකාවන්හී 15වන කණ්ඩායමයි.

නවීකරණය කරන ලද ලෝන්ග්මාර්ච් 6 ප්‍රවාහක රොකට්ටුව ආධාරයෙන් එය උඩුගුවනට යැවිණ. මෙය එම රොකට්ටු මාලාවේ 613 වෙන මෙහෙයුමයි.
මේ අතර ලෝන්ග්මාර්ච් 4B ප්‍රවාහක රොකට්ටුව ආධාරයෙන් Yaogan-47 චන්ද්‍රිකාව ජියුචාවන් චන්ද්‍රිකා නිකුත් කිරීමේ මධ්‍යස්ථානයේ සිට නිකුත් කෙරිණ.

ජාතික ඉඩම් මිණුම් කටයුතු,නාගරික සැලසුම්,මාර්ග පද්ධති සැලසුම්, පරිසර කළමණාකරණය ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් වෙනුවෙන් එම චන්ද්‍රිකාව මූලික වශයෙන් යොදා ගැනෙනු ඇත.
මෙම මෙහෙයුම ලෝන්ග්මාර්ච් ප්‍රවාහක රොකට්ටු මාලාවේ 614වන ගමනයි.
More Stories
චීන හා වියට්නාම ජනපති ආර්යාවෝ චීන ජාතික මහා රඟහල නරඹති
ඇමරිකාව ඊනියා හේතුවක් මත චීනයට එරෙහිව තීරු බදු පැනවුවහොත් ඒ සම්බන්ධයෙන් දැඩි ප්‍රති පියවර ගන්නා බවට චීනයෙන් ප්‍රකාශයක්
ඉරාන වරායන්ට ඇතුළු වන සහ පිටවන නෞකා ඇමරිකාව අවහිර කිරීම ආතතීන් තවත් උග්‍ර කරන බව චීනය කියයි