ජපාන අගමැතිනියගේ වැරදි ප්‍රකාශයට එරෙහිව චීනයෙන් එල්ලවූ දැඩි කෝපය පමණක් නොව, ජපානය තුළින්ද එල්ලවන විරෝධය වැඩි වෙමින් පවතින බව චීන විදේශ අමාත්‍යංශය පවසයි.
චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ගුඕ ජියා-කුන් මේ බව පැවසුවේ අද(11) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී ය. අදාළ වාර්තාවලට අනුව, එරට පාර්ලිමේන්තු විවාදයකදී චීනයේ තායිවාන ප්‍රශ්නය පිළිබඳ තමා සිදු කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින්, ජපාන අගමැතිනි Takaichi Sanae ප්‍රකාශ කළේ චීනය සමඟ විවිධ මට්ටමේ සංවාදයන් පැවැත්වීම සම්බන්ධයෙන් ජපානය තුළ ඇත්තේ විවෘත ආකල්පයක් බවයි. මේ පිළිබඳව නැගුණු ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශකයා අදහස් පළ කළේය.
මෑතකදී, “ලෝකය” නමැති සඟරාවේ හිටපු ප්‍රධාන සංස්කාරකවරයා ප්‍රකාශ කළේ, තම රටේ අගමැතිනිය ‘සංවාදය’ ගැන සඳහන් කළද සැබෑ සංවාදය බිහිවන්නේ අනෙක් පාර්ශවයට ගරු කරමින් සාධාරණ මට්ටමකින් ඔවුන් තේරුම් ගැනීමේ පදනම මත බවයි. Takaichi Sanae ගේ ආකල්පය සංවාදයට ළඟා විය නොහැකි ආකල්පයක් බව හෙතෙම පෙන්වා දුන්නේය. චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක ගුඕ ජියා-කුන් නිත්‍ය මාධ්‍ය හමුවීමේදී පැවසුවේ අදාළ ගැටළුවේ හරය ජපානයේ එම ප්‍රධාන සංස්කාරකවරයාගේ කථාවෙන් පැහැදිලිවී ඇති බවයි.
More Stories
චීන හා වියට්නාම ජනපති ආර්යාවෝ චීන ජාතික මහා රඟහල නරඹති
ඇමරිකාව ඊනියා හේතුවක් මත චීනයට එරෙහිව තීරු බදු පැනවුවහොත් ඒ සම්බන්ධයෙන් දැඩි ප්‍රති පියවර ගන්නා බවට චීනයෙන් ප්‍රකාශයක්
ඉරාන වරායන්ට ඇතුළු වන සහ පිටවන නෞකා ඇමරිකාව අවහිර කිරීම ආතතීන් තවත් උග්‍ර කරන බව චීනය කියයි