November 10, 2026

බ්‍රික්ස‍් පාර්ලිමේන්තු සංසදයේදී චීනය ජාත්‍යන්තර සහයෝගීතාව අවධාරණය කරයි

චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ උප සභාපති Zheng Jianbang මහතා ප්‍රමුඛ නියෝජිත කණ්ඩායමක් 12වන බ්‍රික්ස් රටවල පාර්ලිමේන්තු සංසදයට පසුගිය 26 හා 27වැනිදා සහභාගී වූහ.

Zheng Jianbang මහතා එහිදී දේශනයක් කරමින් පැවසුවේ, බ්‍රික්ස් රටවල පාර්ලිමේන්තු සහයෝගීතාව බ්‍රික්ස් සහයෝගීතාවේ වැදගත් අංගයක් වන බවයි. එය බ්‍රික්ස් සහයෝගීතාවේ පදනම තහවුරු කිරීම, පාලන දුෂ්කරතා ජය ගැනීම සහ පොදු අනාගතය ආරක්ෂා කිරීම සඳහා වන ප්‍රධාන බලවේගයක් ද වෙයි. ජාත්‍යන්තර පිළිවෙළ වඩාත් සාධාරණ හා යුක්තිසහගත දිශාවකට යොමු කිරීම සඳහා බ්‍රික්ස් පාර්ලිමේන්තු සහයෝගීතාව ශක්තිමත් කළ යුතු බව ද Zheng Jianbang මහතා එහිදී කියා සිටියේ ය.

ඒ අතරතුර, Zheng Jianbang මහතා ඉන්දියාව, රුසියාව, තායිලන්තය, උගන්ඩාව, බෙලරුස්, කියුබාව සහ ඉරානය යන රටවල පාර්ලිමේන්තු නායකයින් වෙන් වෙන්ව හමුවී ඔවුන් සමග එක්ව ව්‍යවස්ථාදායක ආයතන අතර සහයෝගීතාව වර්ධනය කිරීම පිළිබඳව අදහස් හුවමාරු කර ගත්තේය.

About The Author